Month June 2025

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි…

ඉන්දියාවේ ගුවන් අනතුරට ජනපති ශෝකය පළ කරයි

ඉන්දියාවේ සිදු වූ ගුවන් අනතුරින් දිවි අහිමි වූ ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළ කර තිබෙනවා. ඒ අනුව මෙම ගැඹුරු ශෝකජනක මොහොතේ, ශ්‍රී ලංකාවේ ජනතාව ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි සිය නිල X ගිණුමේ සටහනක් තබමින්…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 4% කින් ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සියයට 4කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.  මැද පෙරදිග රටවල පවතින ගැටුම්කාරි තත්ත්වය හමුවේ මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  ඒ අනුව මේ වනවිට ඩබ්ලිව් ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 67.…

සිරියානු කාන්තාවන්ට පොදු වෙරළ තීරයන්හි බුර්කාව පැළඳීම අනිවාර්ය කෙරේ

සිරියානු කාන්තාවන්ට පොදු වෙරළ තීරයන්හි බුර්කාව පැළදීම අනිවාර්ය කර තිබෙනවා.  සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මගින් නිකුත් කර ඇති මෙම නියෝගයේ දැක්වෙන්නේ ‍මහජන ආරක්ෂක ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම සහ විනීතභාවය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මෙම පියවරට එළඹ ඇති බවයි. …

අනතුරට පත් ඉන්දීය යානයේ ගමන්ගත් සියල්ලෝම ජීවිතක්ෂයට

යාවත්කාලීන කිරීම: (12/06 – 17.50 P.M.) අහමදාබාද් නගර පොලිස් කොමසාරිස්වරයා ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත සඳහන් කර ඇත්තේ අනතුරට ලක් වූ ගුවන් යානයෙන් දිවි ගලවා ගත් කිසිවෙකු නොමැති බවයි. “ගුවන් අනතුරින් දිවි ගලවා ගත් කිසිවෙකු නොමැති බව පෙනේ,” යනුවෙන් කොමසාරිස් ජී.එස්. මලික් සඳහන්…

වීදියේ සිගමන් යදින දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අයිතිවාසිකම් සහ සමාජ සුරක්ෂිතභාවය

“වීදියේ සිගමන් යදින, වෙළඳාමේ යෙදෙන සහ වෙනත් අනාරක්ෂිත රැකියා ක්ෂේත්‍ර වල යෙදෙන දරුවන් වෙනුවෙන් තාවකාලික පරිත්‍යාග ලබා දීම වෙනුවට ඔවුන් ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සහ සමාජ සුරක්ෂිතභාවය පිළිබඳ අයිතිවාසිකම් තහවුරු කිරීම අප රජයේ අරමුණයි.” -කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා…

මගීන් 242 ක් සමඟ ඉන්දීය ගුවන් යානයක් අනතුරට

ඉන්දියාවේ අහ්මදාබාද්හිදී ගුවන් යානයක් අනතුරකට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි ඉන්දියාවේ සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 242ක් පමණ සිට ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් අනතුරෙන් සිදු…

ළමුන් අතර උණ රෝගයක් පැතිර යමින් තිබෙනවා – විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න

මේ දිනවල ළමුන් අතර තද උණ රෝගයක් පැතිර යමින් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න පවසනවා. මෙය අලුත් තත්ත්වයක් නොවන බවත්, සෑම වසරකම මෝසම් වැසි සමඟ උණ රෝග කිහිපයක් පැතිරෙන බවයි මාධ්‍ය හමුවකට…

බලංගොඩ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටී එක් සිසුවෙක් මියගොස්, 17 ක් තුවාල ලබයි

බලංගොඩ රජවක මහ විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටී එක් සිසුවෙක් මියගොස් තවත් සිසුන් 17 ක් තුවාල ලබා තිබෙනවා. ඒ අනුව අද දහවල් පැවති සුළං තත්ත්වයත් සමඟ ගසක් කඩා වැටීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ. තුවාල ලැබූ…

දිවයින පුරා බන්ධනාගාර තුළ ලේඛන පරීක්ෂාවට CID කණ්ඩායම් 28 ක් යොමු කෙරේ

දිවයින පුරා බන්ධනාගාර තුළ ලේඛන පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 28 ක් යොමු කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති සමාව සහ පොදු සමාව යටතේ රැඳවියන් නිදහස් කිරීම සහ නිදහස් නොකෙරූ රැඳවියන් සම්බන්ධයෙන් සියලු ලේඛන පරීක්‍ෂා කිරීම සඳහා ඔවුන් යොමුකර…