Month June 2025

බෝම්බ බියක් හේතුවෙන් දිල්ලි ගිය ගුවන් යානයක් ආපසු හරවයි

බෝම්බ බියක් හේතුවෙන් තායිලන්තයේ ෆුකට් දූපතේ සිට නවදිල්ලිය බලා පියාසර කරමින් තිබු එයාර් ඉන්දියා ගුවන්යානයක් ආපසු ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබෙනවා. බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් පිළිබඳව යානයේ නියමුවා එරට වේලාවෙන් උදෑසන 9.30ට පමණ පාලක මැදිරියට දැනුම් දී ඇති බවයි.…

එයාර් ඉන්දියා ගුවන් අනතුර පිළිබඳ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් ශෝක පණිවුඩයක්

ඉන්දියාවේ අහමඩාබාද් නගරයේ දී ඊයේ (12) පස්වරුවේ සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර පිළිබඳව දැඩි ශෝකය හා කණගාටුව ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය වෙත ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහිදී ඇය සඳහන් කරන්නේ, ජීවිත අහිමි…

ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බගරි ඝාතනයට ලක්වෙයි

ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බගරි ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද (13) අලුයම ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරි හොසේන් සලාමි මියගියේය. ඉරාන රාජ්‍ය මාධ්‍ය ඒ…

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

මැදපෙරදිග කලාපයේ මේ වන විට උත්සන්න වී ඇති යුද උණුසුම් වාතාවරණය තුළ කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශයන් වසා දමා ඇති බව වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරන්නේ, මේ හේතුවෙන් ගැටුම් කලාපය මඟ හැරීම සඳහා ලන්ඩන් ඇතුළු…

මාලිමාව පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන ලබාදුන් පොරොන්දුව තවමත් ඉටු නොවීම ගැන කණගාටුයි – කාදිනල් හිමිපාණන්

පාස්කු ‍ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ එන කිසිදු නිර්දේශයක් මේ දක්වා ක්‍රියාත්මක කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් කටයුතු කර නොමැති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ අනුව යුක්තිය පසඳලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යෝජනා…

කෙහෙළියට සහ ජයම්පති බණ්ඩාරට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 25 වැනිදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව ජනමාධ්‍ය…

තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ

උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයින හරහා පවතින සක්‍රිය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ…

ජනපති අද ජර්මන් වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවෙයි

ජර්මනියේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) එරට වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවීමට නියමිතව තිබෙනවා. එසේම ජනාධිපතිවරයා අද ජර්මානු සංචාරක සංගම් නියෝජිතයින් සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර, එරට වෙසෙන ශ්‍රී…

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී අධිකරණයට රැගෙන එයි

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න අද (13) අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. පසුගියදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා. ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිතා කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට ඔහුට එරෙහිව‍ චෝදනා එල්ල වී…

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඔහු අද (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. ලොතරැයි මණ්ඩලයට අයත් ලැප්ටොප් පරිගණකයක්…