Month June 2025

ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබයි

ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඒ අනුව ඇයට සුළු තුවාල පමණක් සිදුව ඇති බවත් ඇයගේ තත්ත්වය බරපතළ නොවන…

ජනපති දිවයිනට පැමිණෙයි

ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් අද උදෑසන 08.58ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. ජර්මානු ජනාධිපතිවරයාගේ ආරධනයක් අනුව…

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් අද (15) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දෙදින නිල සංචාරයක් සඳහා ඇය මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ. සිය සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී…

කළුබෝවිලදී වෙඩි තැබීමක්

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව අද (15) අලුයම් කාලයේදී එම වෙඩි තැබීම සිදුකර ඇති අතර සැකකරුවන් විසින් නිවසේ ගේට්ටුවට හා නිවස දෙසට වෙඩි තබා ඇති බවයි සඳහන් වෙන්නේ. යතුරු පැදියකින් පැමිණි…

ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 7 ක් මරුට

ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටරය ඉන්දියාවේ වනාන්තරයකට කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ. වැඩිහිටියන් පස් දෙනෙකු සහ දරුවෙකු යානයේ ගමන් කර…

පානදුර දී Facebook සාදයක් වට‍ලා ගංජා සහ හෑෂ් සමග 26 ක් අත්අඩංගුවට

Facebook සාදයක් වටලා එහි සිටි 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. අද (14) අලුයම අළුබෝමුල්ල, මහබෙල්ලන ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ මෙම සාදය සංවිධානය කර තිබූ බවයි සඳහන් වෙන්නේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී ගංජා හා හෑෂ් මත්ද්‍රව්‍ය…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව…

නාවික හමුදාව සිදුකල ඒකාබද්ධ මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 මැයි මස 26 සිට ජුනි මස 12 දක්වා කාලය තුල සිදුකල ඒකාබද්ධ මෙහෙයුම් මඟින්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7.48ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 29.86ක් සහ කේරල කංසා කිලෝග්‍රෑම් 3.651ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ…

ජනපති ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවෙයි

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (13) පස්වරුවේදී ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී තිබෙනවා.  ඊට ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ වෘත්තිකයින් රැසක් සහභාගී වී සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. …

උතුරේ පොලිසි කිහිපයකට ප්‍රහාරයක් එල්ල කරන බව කී නිර්නාමික ඇමතුම ගැන විමර්ශන

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බව කියමින් නිර්නාමික දුරකථන ඇමතුමක් කන්කසන්තුරේ පොලිස් ස්ථානයට ලැබී තිබෙනවා.  මෙම ඇමතුම ඉකුත් 11 වැනිදා දහවල් කාලයේදී ලැබී ඇති බවයි පැවසෙන්නේ.  මේ සම්බන්ධයෙන් හිරු නිවුස් කළ විමසීමේදී වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ…