Month June 2025

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැකිරාව, ඉපලෝගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවයේ නිරත වී සිටි 40 හැවිරිදි කාන්තාවක්…

දේශබන්දු තෙන්නකෝන් අද සිට දිනපතා පාර්ලිමේන්තු කමිටුව හමුවට කැඳවයි

දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද සිට දිනපතා රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, විමර්ශන අවසන් වන තුරු එම පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දේශබන්දු තෙන්නකෝන්…

ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන අපේක්ෂකයින් 2400කගේ නම් පොලීසියට යොමු කෙරේ

ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන අපේක්ෂකයින් 2400කගේ නම්, ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලීසියට යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඉන් පසුව පොලීසිය විසින් නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.…

දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ රත්නපුර ප්‍රදේශවලට අදියර 02 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. එසේම අදියර…

කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම අද

කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම අද (16) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එහිදී නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ. ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාව සඳහා තරග කළ…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම…

බොරතෙල් මිළ තවත් නගී

ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපලේ බොරතෙල් මිළ තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිළ ඇමරිකානු ඩොලර් 72.98 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 0.18%ක ඉහළයාමක්. එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු…

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති කරගනු ඇති බව අමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියයි

“ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති වේවි! යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරනවා.  ඒ වෙනුවෙන් බොහෝ ඇමතුම් සහ හමුවීම් සිදුවෙමින් පවතින බවයි අද (15) ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන්නේ.  මේ සඳහා ඉරානය සහ ඊශ්‍රායලය ගිවිසුමක් ඇති…

තල ගොවීන් සාධාරණ මිලක් ඉල්ලයි

සිය නිෂ්පාදන සඳහා මිලක් නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව ඇති බව තල වගාකරන ගොවීන් පවසනවා.  මේ වනවිට වෙළඳපොලේ තල කිලෝවක් රුපියල් 250 ත් 300ත් අතර මිලකට අලෙවි වනවා.  අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක තල වගාකරන ගොවීන් පවසන්නේ දැනට පවතින…

ඉන්දියාවේ පාලමක් කඩා වැටී 06ක් මරුට

බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ ඉන්ද්‍රයානි ගඟ හරහා ඇති පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.  එමෙන්ම, තවත් 25 දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.