Month June 2025

Air India ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් නිසා නැවත හරවයි

හොංකොං සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කළ Air India ගුවන්යානයක තාක්ෂණික දෝෂයක් ඇතිව ඇති බවට සැකයක් හේතුවෙන් යළි හොංකොං බලා පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. Air India ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානයක් මෙලෙස හරවා ඇති අතර…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ දක්වා ඉරානයේ 224 ක් මරුට

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවුනා. * ඊශ්‍රායලය සහ ඉරානය අතර මාරාන්තික ප්‍රහාර ඊයේ (15) රාත්‍රිය පුරාවට පැවතුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. * බටහිර සහ…

ජනපති හා IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිිිකා ආචාර්ය ගීතා ගෝපිනාත් අතර හමුවක් අද (16) සිදුවුණා. ඒ අනුව අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. නව ආයෝජන…

පැය 24ක් තුළ සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලින් 485 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් දීප ව්‍යප්තව සිදු කෙරෙන වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා. ඒ යටතේ ඊයේ (15) දිනයේ සිදු කළ වැටලීම්වලින් සැකකරුවන් 485 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වෙන්නේ. එහිදී හෙරොයින් ග්‍රෑම් 241 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්…

කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට

කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා. ඒ අනුව එහි නව නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් තේරී පත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.

UPDATE : කොළඹ නගරාධිපති ඡන්ද විමසීම අවසන් වෙයි

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තේරීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. ඒ අනුව නිලධාරීන් විසින් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරනවා. ඉන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ නව නගරාධිපති ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම කිරීමට කෘත්‍රීම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ වැඩමුළුවක්

රාජ්‍ය සේවය ඵලදායී සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා. ‘AI For Transforming Public Service’ යන මැයෙන් පැවැත්වුණු මෙම වැඩමුළුවට ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් එක්ව සිටි අතර, රජයේ ප්‍රමුඛ වැඩසටහනක්…

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විමසීම ගැන දැනුම්දීමක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය හමුවේ දෙරටේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව කිසියම් ශ්‍රී ලාංකිකයෙකුට තම ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවතින්නේ නම්, තානාපති කාර්යාල නිලධාරින් සම්බන්ධ කරගැනීමේ හැකියාව…

අභියාචනාධිකරණ විනිසුරු පත්වීම් දෙකකට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව අග විනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ නිර්දේශ මත, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යොමු කරන ලද එම නාමයෝජනා සඳහා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ව්‍යවස්ථා සභාව…

කොළඹ නගරාධිපති ධුරය සඳහා සර්වජන බලයේ සහාය විපක්ෂයට ලබාදීමට තීරණය කෙරේ

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලය තීරණය කර තිබෙනවා. ඒ අනුව පක්ෂ විධායක කමිටුව විසින් එම තීරණය ගත් බවයි එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර සිය X ගිණුමේ…