Month June 2025

වන අලි පහරදීමකින් පොලිස් නිලධාරියෙක් මරුට

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා. වන අලි පහරදීමෙන් තුවාල ලබා මාර්ගයේ ඇද වැටී සිටි අදාළ පොලිස් නිලධාරියා, එම මාර්ගයේ ගමන් කළ බස් රථයක් මඟින් රැගෙන ගොස් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි පොලීසිය…

අත්අඩංගුවට ගත් කෙහෙළියගේ නිවසේ සිටි මෙහෙකාරියට ඇප

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් 15 දෙනෙකු ඇතුළත් කර රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් වැටුප් හා දීමනා වශයෙන් ලබා ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලදී අත්අඩංගුවට…

අධික වර්ෂාව නිසා කඳුකරයේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යයි

මසකට ආසන්න කාලයක් තිස්සේ පවතින වැසි සහිත කාළගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජල විදුලිබලාගාර ජලශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.  අප වාර්තාකරු සඳහන් කළේ, මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම අද (17) පෙරවරුව වන විට පිටාර…

ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම් දෙයි

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ. එම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසුව ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුනු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. අමෙරිකානු ජනාධිපතිවරයා X සමාජ මාධ්‍ය…

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින්, සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව කණ්ඩායම් බහුලව ගැවසෙන ස්ථානවල සහ රාත්‍රී කාලයේ ගමන්, උත්සව අවස්ථා සඳහා සහභාගී වීමත්, දුර ගමන්වල යෙදීමත්…

දේශබන්දු සම්බන්ධව පවත්වන විමර්ශන කමිටුව අදත් රැස්වෙයි

දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද (17) දිනයේත් පෙ.ව. 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන්…

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (17) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වීමට නියමිත අතර පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…

2025 Club World Cup තරගාවලිය ආරම්භ වෙයි

2025 ලෝක කුසලාන පාපන්දු සමාජ තරගාවලිය හෙවත් 2025 Club World Cup තරගාවලිය ආරම්භවී තිබෙනවා. ඒ අනුව මෙවර තරගාවලිය එක්සත් ජනපදයේදී පැවැත්වෙන අතර සෑම වසර හතරකට වරක් මෙම තරගාවලිය පැවැත්වෙනවා. තරගාවලිය සඳහා කණ්ඩායම් 32 ක් තරගවදින අතර ආසියාව (AFC), අප්‍රිකාව (CAF),…

මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි

මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණ කිරීමට ඊයේ (16) සමත්වී තිබෙනවා. ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන 474,599,422 ත්‍යාග මුදල ජයග්‍රහකයෙකුට හිමි බවයි සඳහන් වන්නේ. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර…