Month June 2025

ප්‍රතිදේහ එන්නත් ලෙස ලබාදී ඇත්තේ විෂ බැක්ටීරියා සහ ලුණු වතුර බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි

ප්‍රමිතියෙන් තොර ප්‍රදේහ එන්නත් තුළ තිබී ඇත්තේ මිනිස් ශරීරයට අහිතකර බැක්ටීරියා සහ ලුණු බවට ජර්මනියේ රසායනාගාරයකදී සිදුකළ පරීක්ෂණ‍කදී තහවුරුවී ඇති බව නීතිපතිවරයා අද (19) අධිකරණයට කරුණු දක්වා තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණය…

කෝප් කමිටුව කියන්නේ ප්‍රශ්න අහන, මාධ්‍ය සංදර්ශන තියන, නිලධාරීන් අපහසුතාවයට පත්කරන රියැලිටි ෂෝ එකක් – නාමල්

පාර්ලිමේන්තුවේ මාධ්‍ය සංදර්ශන ගැන සාකච්ඡා කළද, වැඩිම මාධ්‍ය සංදර්ශන තිබෙන්නේ කෝප් කමිටුවේ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. එය වත්මන් ආණ්ඩුවේ කෝප් කමිටුවේ පමණක් නොව, ඉතිහාසයේ සිටම ඒ ආකාරයෙන් කටයුතු කර ඇති බවයි අද (19) පාර්ලිමේන්තුවේදී…

ඇප කොන්දේසි සැපිරූ කෙහෙළිය, බිරිඳ හා දියණියක් මුදා හැරේ

ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ව මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි…

වසර 29කට පසු අලුත් කළ ශ්‍රි ලංකා ටෙස්ට් පිටියේ වාර්තාව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම දකුණත් පිතිකරු දෙපළක් වූ පැතුම් නිස්සංක හා නවක ක්‍රීඩක ලහිරු උදාර විසින් අද (19) ආරම්භ කළේය. එලෙස දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා ඉනිමක්…

දුම්රිය නියාමකවරුන්ගේ වැඩ වර්ජනය කල් දැමීමට තීරණය කෙරේ

ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්, අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය නියාමකවරුන්ගේ වැඩ වර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබෙනවා. ඒ අනුව අද (19) දුම්රිය නියාමකවරුන් හා බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති…

කෙහෙළියගේ බෑනා සහ අනෙක් දියණියන් දෙදෙනා අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අනෙක් දියණියන් දෙදෙනා හා බෑණා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අද (19) ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණා. ඊයේ (18) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය…

ඉන්දු – ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය යළි ඇරඹෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් නවතා තිබූ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය 13 වැනිදා සිට එම මගී ප්‍රවාහන සේවාව නවතා දැමීමට පියවර…

එක් කෝටි විසි හය ලක්ෂයක විදෙස් දුම්වැටි කටුනායකින් හසුවෙයි

රුපියල් එක් කෝටි විසි හය ලක්ෂයක් වටිනා , විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” (Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත්…

ඉන්දීය සුපිරි නළු මෝහන් ලාල් පාර්ලිමේන්තුවට

ඉන්දීය සුපිරි නළු මෝහන් ලාල් මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තු සභාවාරය දැක බලා ගැනීම සඳහා, ආරාධිතයෙක් ලෙස ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් තුවාල ලබයි

ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ ටෙල්අවිව් Beersheba රෝහලේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවකට තුවාල සිදුව තිබෙනවා. ඉරෝශිකා චතුරංගනී නම් කාන්තාවක් එලෙස තුවාල ලබා ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ. ඇය ප්‍රතිකාර…