Month June 2025

බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5 ක දඩයක් බවට සඳහන් Facebook සටහන් අසත්‍යයි – පොලීසිය

බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5 ක දඩයක් ගෙවීමට සිදුවන බවට සමාජ මාධ්‍ය හරහා පැතිරෙ​න පුවත අසත්‍යක් බව ‍පොලීසිය පවසනවා. මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ ප​ළකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කර​න බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ. අද (21) උදෑසන…

ජුනි 30 විශේෂ පාර්ලිමේන්තු දිනයක්

ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර…

ප්‍රමිතියෙන් තොර දුඹුරු සීනි අළෙවි කළ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 04ක් දඩ

ප්‍රමිතියට අනුකූල නොවන දුඹුරු සීනි අළෙවි කළ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 04ක දඩ මුදලක් පැනවීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 2022 වසරේ ලැබුණු පැමිණිලි මත වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබූ දුඹුරු සීනි සඳහා වර්ණක යොදා තිබේද යන්න සිදුකළ පරීක්ෂාවකදී, සීදුව…

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රි ලාංකිකයින්ගේ වීසා බලපත් කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ

දැනට පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්, ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට එරට ආගමන විගමන ආයතනය පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර සිටියා. ඒ අනුව…

වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

සති දෙකක කාලයක් තුළ තම ඉඩම් වගා නොකිරීමට හේතු දක්වන ලෙස වගා නොකළ ඉඩම් හිමියන්ට දැනුම් දුන් බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, අක්කර එක් ලක්ෂ විසිදහසකට අධික වගා බිම් ප්‍රමාණයක් වගා කිරීමෙන් තොරව අත්හැර දමා ඇති බවට…

මෛත්‍රී ට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. 2019 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් දෙකෝටි හැත්තෑ පන්ලක්ෂයක මුදලක් අවභාවිත‍ා කිරීමේ සිදුවීමක් ගැන…

අද කාලගුණ නිවේදනය

අද (21) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ ද, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි…

රන් මිල පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (20) දිනයේ රන් මිල තරමක් පහළ ගොස් තිබෙනවා.  ඒ අනුව කැරට් 22 පවුමක මිල සටහන් වූයේ රුපියල් 261,550.00ක් ලෙසයි.  එමෙන්ම කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 285,250.00ක් ලෙස සටහන් වුණා.  ඊයේ දිනයේ දී කැරට් 22 පවුමක…

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී තිබේ. අද (20) පෙරවරුවේ  ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී…

කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියක වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද (20) බන්ධනාගාරයෙන් මුදාහැර තිබෙනවා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ඇයව ඇප මත මුදා හැරීමෙන් අනතුරුව, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම…