Month June 2025

ලංකාවට AC කෝච්චි 05ක්

ස්වයංක්‍රීයව ක්‍රියාත්මක දොර සහිත බලවේග කට්ටල දුම්රිය 05ක් ආනයනයට කටයුතු කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා කියයි. සම්පූර්ණ වායුසමනය කර ඇති එම බලවේග කට්ටල දුම්රියයන්ගේ සියලු දොරවල් දුම්රිය නැවැත්වීමේදී ස්වයංක්‍රීයව විවෘත කෙරෙන අතර දුම්රිය ගමන් ආරම්භ කිරීමට පෙර එම…

2025 සඳහා වන එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්තාව අගමැතිනිය වෙතට පිරිනැමේ

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ එළිදැක්වෙන 2025 වසරට අදාළ මානව සංවර්ධන වාර්තාව ජුනි 19 වැනි දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගන්වා තිබේ. “AI (Artificial Intelligence) යුගයේ මිනිසුන් සහ හැකියාවන්” යන්න මෙවර මානව සංවර්ධන වාර්තාවේ මූලික තේමාව වන අතර, ඒ…

ශිරන්ති රාජපක්ෂගේ ‘සිරිලිය සවිය’ ගිණුම ගැන අනාවරණයක්

රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු සම්බන්ධ විමර්ශනය වෙමින් පවතින දුෂණ කිහිපයක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසීය. දූෂණ විරෝධී කමිටු කාර්යාලයෙන් කරන ලද පරීක්ෂණ සහ විමර්ශන අනුව CSN නාලිකාවෙන් රුපියල් මිලියන 152ක්, ගෝඨාභය…

කතරගම දේවාලයේ පෙරහැරට සහභාගී වන්නන්ට නිවේදනයක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා සහභාගී වන සැදැහැවතුන් පිළිපැදිය යුතු රෙගුලාසි ඇතුළත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ , මොණරාගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම් පසන් එස්.බී රත්නායක මහතා විසින් ය. කතරගම මැණික් ගඟේ පැරණි තොටුපළේ…

උතුරු ඉරානයේ මිසයිල බහුල ප්‍රදේශයක ප්‍රබල භූමිකම්පාවක්

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් ඊයේ (20) සිදුව ඇති බව වාර්තා වේ. උතුරු ඉරානයේ සෙම්නාන් ප්‍රදේශයේ බලගතු භූමිකම්පාවක් ඇති වූ අතර, එය දැනටමත් ආතතීන්ගෙන් පිරී තිබූ කලාපයක් කැළඹීමට හේතු වි ඇති අතර මිසයිල සංකීර්ණයක් සහිත නගරයක් අසල ඇති වූ…

ශ්‍රී ලංකාවට ලකුණු 296ක ඉලක්කයක්

සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ අවසන් දිනය වන අද (21) දිනයේ දෙවෙනි ඉනිමට පන්දුවට පහරදීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 296ක ඉලක්කයක් හිමිව තිබෙනවා. ඒ පළමු ඉනිමට ලකුණු 10ක් ඉදිරියෙන් සිට දෙවෙනි ඉනිම සඳහා පන්දුවට පහරදුන්…

ශ්‍රීලංකන් වෙත එක්වූ නවතම එයාර් බස් යානය මංගල ගුවන් ගමන සිදුකරයි

ශ්‍රීලංකන් ගුවන් සේවයට අලු‍තෙන් එක්වූ එයාර් බස් ඒ.330 – 200 ගුවන් යානයේ ප්‍රථම ගුවන් ගමන අද (21) සිදුකෙරුණා. ඒ අනුව, කටුනායක ගුවන්තොටුපොලෙන් පස්වරු 1.48 ට මාලදිවයිනේ මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා එම යානය පිටත්වූ බවයි ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහන් කළේ.…

නාඋල, රිය අනතුරකින් තිදෙනකු රෝහලේ

ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල් ගත කොට තිබෙනවා.  දඹුල්ල නුවර පාරේ 58 වැනි සැතපුම් කණුව ආසන්නයේ අද උදැසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.  අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබු…

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්

සිඟමන් යදින සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකරන බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ෂණ කාර්යාංශය මෙන්ම ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය සමග ජාතික ළමාරක්ෂක අධිකාරිය එක්ව මෙම…

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය ස්ථානයක් ලෙස වැඩිදියුණු කරනවා – දුම්රිය සාමාන්‍යාධිකාරී

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය ස්ථානයක් බවට වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර පවසනවා. ඒ අනුව, එම සැලසුම් සඳහා මේ වන විට මුදල් ලැබී බවත්, මේ වසර අවසානයට පෙර කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු…