Month June 2025

ඉරානයට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරය චීනය දැඩි ලෙස හෙලාදකී

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරය චීනය දැඩිව හෙළා දකින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.  ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ අධීක්ෂණය යටතේ පවතින න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ මෙම ප්‍රහාරය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්ම සහ ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස…

ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේදීත් වැසි

සබරගමුව පළාතට සහ මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට හෙට (23) දිනයේදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි. මීට අමතරව අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලටද රාත්‍රි කාලයේදී…

බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍යට

බිත්තර මිල දිනපතා සමාජමාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකසන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. ඔවුන් පවසන්නේ, අතරමැදියන් බිත්තර විකිණීමෙන් අධික ලාභ ලැබීම මුල් කරගනිමින් මෙම පියවර ගත් බවයි. වෙළෙඳපොළ තුළ මිල මේ වනවිට රුපියල් 28ත් 32ත් අතර…

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. මැදපෙරදිග ගැටුම් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ…

අල්ලස් ගත් අම්පාරේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් ගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට සහ ව්‍යාපාරය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් ලබා…

ඊශ්‍රායලයේ නවතම තත්ත්වය ගැන ශ්‍රී ලංකාතානාපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්

ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයන්ට හෝ වෙනත් කිසිවෙකුට සිදු වූ තදබල හානි වාර්තා නොවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර පවසනවා.  සිය මුහුණු පොතේ සටහනක් තබමින් තානාතිපතිවරයා සදහන් කර ඇත්තේ ඉරාන –…

විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු මරුට

යාපනය පන්නෙයි ප්‍රදේශයේ හෝටලයක විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් විමර්ශනවලදී හෙළි වී  ඇත්තේ මෙම සේවකයා භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර ඇති විදුලි සෝපානයේ අනාරක්ෂිතව ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි. පොලිස් විමර්ශන තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක තුනකට අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර

ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් මැද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවය. රොයිටර් පුවත් සේවයට අනුව…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළට

මැද පෙරදිග යුද උණුසුම ඉහළ යාමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 73.84 ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.01ක්.

කොහුවල නිවසකට වෙඩි තැබීමේ සිද්ධියට තුන්දෙනෙක් අත්අඩංගුවට

පසුගිය 15 වනදා කොහුවල – කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින්, යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීමෙන් සිද්ධියට අදාලව ආධාර අනුබල දුන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන්…