Month June 2025

උපරිම සිල්ලර මිලට යටත්ව ලුණු මිල පහත දැමීමට ලුණු නිෂ්පාදකයන් එකඟවෙයි

වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. පසුගිය දිනවල රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීම අනුව, අවශ්‍ය තරම් ලුණු තොග ලැබී ඇති බැවින්, එසේ ආනයනය කරන…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර…

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

අනුරාධපුර, තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. ඊයේ (25) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර මෙලෙස…

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

මෙරට විදුලි බල පනතේ සිදු කරන ලද සංශෝධන සම්බන්ධයෙන් ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හෙවත් ජයිකා ආයතනය සිය කනස්සල්ල පළ කරමින් ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබෙනවා.  ඒ බලශක්ති අමාත්‍ය ඉන්ජිනේරු කුමාර ජයකොඩි වෙතයි. අදාළ…

චීනය සහ ශ්‍රී ලංකාව අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක්

චීනයේ කුංමිං සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ආරම්භ කරමින් එහි මංගල ගුවන් යානය අද (26)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. එස්.එෆ්.ගුවන් සේවය ( S.F.Air Line) මෙම මංගල ගුවන් ගමන සදහා බෝයිං…

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන ලෙස ඉහළට

2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ. මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6,933.35 ක් ලෙසයි වාර්තා වේ. එය 2024 ට සාපේක්ෂව 7.14% ක වර්ධනයකි. 2025 මැයි…

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව, කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ තුළ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරිය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම්…

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙනවා. ඒ අනුව චෝදනා 43ක් යටතේ මෙම අධි චෝදනා ගොනු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.