Month May 2025

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සුජීව රුවන් කුමාර හෙවත් ‘ලොකු පැටී’ නැමැත්තා බෙලරුස් රාජ්‍යයේ සිට හෙට (04) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස මොහු සැක කරන බවයි පැවසෙන්නේ. සුජීව රුවන් කුමාර පසුගිය වසරේදී බෙලරුස්…

පෙහෙල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොයා ශ්‍රී ලංකන් ගුවන් යානයක් විශේෂ පරික්ෂාවකට

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබෙනවා. ඉන්දු කාෂ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බව කියන පිරිසක් අදාළ ගුවන්යානයෙන් පැමිණි බවට ලද තොරතුරක් මත මෙම පරික්ෂා කිරීම සිදුකරන බවයි සඳහන් වෙන්නේ. අද (03)…

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

නවක වදයට මුහුණ දෙන සිසුන් හට ඒ පිළිබඳව දැනුම්දීම සඳහා සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එක් එක් විශ්ව විද්‍යාලවල පාලක සභාවට අනුයුක්තව එම නිලධාරියා පත්කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය…

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිර්දේශයන්ට අනුකූලව, නිෂ්පාදන පිරිවැයට අනුකූලව මිල ගලපාගැනීමේ අවශ්‍යතාවය මත, ජුනි මාසයේදී විදුලි ගාස්තු වැඩි වීමක් සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලයට භාණ්ඩාගාරය විසින් සහනාධාර ලබා දීම තවදුරටත් සිදුකළ නොහැකි බවයි ඊයේ (2)…

අද කාලගුණ නිවේදනය

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…

අද පැවැත්වෙන මැයි දින සැමරුම්

අද‍ට (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා මේ වනවිට දේශපාලන පක්ෂ සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව “රට හදන ජනබලය පෙළගැසෙන මැයි රැළිය” යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන…

මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්

මැයි දිනය වෙනුවෙන් දිවයිනේ මත්පැන් හල් වසාතැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව කම්කරු දිනය වෙනුවෙන් අද (01) දිනයේ මැයි රැළි පැවැත්වෙන ප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මකවන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුෂිත හෝටල් බලපත්‍ර (රැ.බී.…