Month May 2025

ඉදිරි ආර්ථික පිම්මකට මඟ කියන ශ්‍රී ලංකා වියට්නාම් සබඳතාව

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සම්බන්ධතා හා තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට එහි ඇති වැදගත්කම සහ ජනපතිවරයාගේ ඉකුත් වියට්නාම සංචාරයෙන් පසුව දෙරටේ සහසම්බන්ධතා වැඩිදියුණු වීමට කරුණු යෙදුණු අන්දම ආදී කරුණු පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා ඒකකයෙහි…

පුතා වයස 14දීම පෘතුගාල ජාතික පිලට

පියකුට ආඩම්බර විය හැකි මොහොතක් වන්නේ තම පුතා ඔහුගේ අඩිපාරේ යමින් සාර්ථකත්වයේ ඉණිමඟට නැඟීමයි. ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ජීවිතයේ ද එවැනිම මොහොතක් උදාවී තිබේ. 14 හැවිරිදි වැඩිමහල් පුත් ඩොස් සැන්ටොස් (ක්‍රිස්ටියානෝ ජූනියර්) පෘතුගාලයේ වයස අවුරුදු 15න් පහළ…

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

සති අන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම, කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා…

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ, යුනියන් පෙදෙසෙහි පිහිටි සුපිරි වෙළෙඳසැල් ජාලයකට අයත් ශාඛාවකට රුපියල් මිලියන 2ක දඩයක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඉකුත් අප්‍රේල් 01 වැනිදා සිට දේශීයව නිෂ්පාදනය කරනු ලබන පානීය ජල බෝතල්…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

ප‍ාර්ලිමේන්තුව අද (09) යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද  පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න…

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මැයි මස 19 වනදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. සේවය අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් සිය ධූරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව විසින් මෙම දැනුම්දීම…

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…

නව පාප් වහන්සේ ලෙස Robert Prevost තේරී පත්වෙයි

නව පාප් වහන්සේ ලෙස ඇමෙරිකානු ජාති​ක Robert Prevost තේරී පත්ව තිබෙනවා. ඒ අනුව උන්වහන්සේගේ පාප් නාමය ලෙස 14 වන ලියෝ (Leo XIV) ලෙස තෝරාගෙන තිබෙනවා. නව පාප් වහන්සේ තෝරා ගැනීම සංකේතවත් කරන සුදු දුමාරය සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් මීට සුළු මොහොතකට…

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල්…