Month May 2025

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර හමාස් සංවිධානය සමඟ පවතින ගැටුමෙන් ඔබ්බට ගොස් ඇතැයි යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම සංගමයේ ඉහළම රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක වන කජා කල්ලාස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සෙසු සහනාධාර නියෝජිතයන්…

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක 117 දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙසයි එම මධ්‍යස්ථානය ඉල්ලා සිටින්නේ. අපදා තත්ත්වයක් ඇති…

යෝෂිත සහ ඩේසි ෆොරස්ට් නඩුව ජූලි 11 කැඳවීමට නියෝග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන මුදල් විශුද්ධිකරණ නඩුව ජූලි මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර…

අයහපත් කාලගුණයෙන් පවුල් 485ක් පීඩාවට පත්වෙයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 485කට අයත් පුද්ගලයින් 1757 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීමත් සමග ඊයේ (29) සවස් කාලයේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාපතනයක් සහ දැඩි සුළං…

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යළි අවසර ලබාදෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමිවී තිබෙනවා. මෙම බදු ප්‍රතිපත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක් විසින් ඊයේ (29) නිකුත්කර තිබුණා. මෙම නියෝගය ලබාදෙමින් වාණිජ අධිකරණය සඳහන් කළේ, එක්සත්…

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අංගොඩ ප්‍රදේශයට

අයහපත් කාලගුණය සමඟ පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා‍. ඒ අනුව, එම ප්‍රදේශයට මිලිමීටර් 75.2 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට අමතරව වටවල, ඇහැලියගොඩ, දැරණියගල සහ සාලාව යන ප්‍රදේශවලට මිලිමීටර…

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය, කින්නියා පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් නිලධාරියෙක් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රියදුරු බලපත්‍ර නොමැතිව යතුරුපැදි පැදවූ වයස අවුරුදු 17ක ළමයෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට ඔහු රුපියල් 10,000ක අල්ලසක් වශයෙන් ඉල්ලා ඇති අතර, පසුව එය…

බදු සතියට සමගාමිව බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන ස්ථාන ගැන දැනුම්දීමක්

බදු සතියට සමගාමිව බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන ස්ථාන සහ වේලාවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බදු සතිය ජුනි 02 වැනිදා සිට ජුනි 07 වැනිදා දක්වා පැවැත්වෙන බවයි දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ප්‍රාදේශීය කාර්යාල 14ක් ආවරණය…

පිරමීඩ ආයෝජන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමාගම් අධ්‍යක්ෂක රිමාන්ඩ් කිරීමට නියෝග

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබෙන නීති විරෝධී පිරමිඩ ආයෝජන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස්, රුපියල් කෝටි 225කට අධික මුදලක් නීති විරෝධී ලෙස හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස…

අයහපත් කාලගුණයෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 29,451 ක් වාර්තා වෙයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අද (30) පස්වරු 4.00 වන විට විදුලිය බිඳ වැටීම් 29,451 ක් වාර්තා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව අදාළ විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩල සේවකයින් මේ වන…