Month May 2025

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙක් තුවාල ලබයි

කැබ් රථයක් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තකට පෙරළී අද (16) අලුයම අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් කැබ් රථයේ රියදුරා සහ කැබ් රථයේ ගමන් ගත් අයෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත්…

ආණ්ඩුවට වෙලා තියෙන්නේ, අද ගුරු පත්වීම ලැබිච්ච මිනිහට ඉස්කෝලේ විදුහල්පතිකම දුන්නා වගේ වැඩක් – විමල්

වත්මන් ආණ්ඩුව කිසිදු දෙයක් දුරදිග බලා තීරණ ගැනීමට නොහැකි ආණ්ඩුවක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ලුණු පැකට්ටුවක් රුපියල් 60ක් වීමට වසර 76 ක් ගිය බවත්, මාස 07 ක් තුළ ලුණු පැකට්ටුවක් රුපියල් 400 දක්වා…

ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා ඇප මත මුදා හැරීමට නියෝග

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කර තිබෙනවා. මෙම සැකකරු අද දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කිරීමෙන්…

Forbes 30 Under 30 Asia ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඇතුළත් වෙයි

Forbes සඟරාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන, විවිධ ක්ෂේත්‍රවල අවුරුදු 30 ට අඩු කැපී පෙනෙන පුද්ගලයින් ඇතුළත් Forbes 30 Under 30 ලැයිස්තුව සඳහා ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව The Arts (Art & Style, Food & Drink)…

ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත් බස් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පරික්ෂාවට ලක් කෙරේ

කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ අනුව අදාළ බස් රථය රැගෙනවිත් ගාල්කර ඇති කොත්මලේ පොලිස් ස්ථානයේදී එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව අදාළ පරීක්ෂා…

රාජකුමාරි ඝාතන නඩු‍වේ විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කෙරේ

2023 වසරේ වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ ආර්. රාජකුමාරි නමැති ගෘහ පාලිකා සේවයේ නියුතුව සිටි කාන්තාවකට පහරදී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින වැලිකඩ පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 21 වැනිදා…

රියදුරන් නිරීක්ෂණය කළ හැකි AI තාක්ෂණික පද්ධති බස් රථවලට හඳුන්වා දෙනවා – බිමල් රත්නායක

රියදුරන් නිරීක්ෂණය කළ හැකි AI තාක්ෂණික පද්ධති ලංගම සහ පෞද්ගලික දුර ගමන් සේවා බස් රථ සඳහා හඳුන්වාදීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව බස් රථ බලපත්‍රය සමඟ මෙම AI තාක්ෂණික පද්ධතිය තිබීම අනිවාර්ය කරන බවත්, එම…

තුසිත හල්ලොලුව CIDයට පැමිණෙයි

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීමක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. පසුගියදා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයක දී…

‍සාම සාකච්ඡා සඳහා පුටින් නොඑන බව දැනුම්දෙයි

රුසියානු, යුක්රේන සහ එක්සත් ජනපද නියෝජිතයින් අතර සාම සාකච්ඡාවක් අද (15) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky මේ වන විටත් තුර්කියට පැමිණ සිටිනවා. සාම සාකච්ඡා සඳහා තමා නොපැමිණෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කර තිබෙන අතර,…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව…