Month May 2025

A/L වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කරගැනීම ඇරඹේ

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙම විෂය ධාරාව හැදෑරීමට අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බවයි වාර්තා වන්නේ. වෘත්තීය විෂය ධාරාව යටතේ…

අද ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවැත්වෙනවා. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4.00 සිට 6.00 දක්වා ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය පැවැත්වෙන බවයි…

ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක්

අද (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව, හෙට බත්තරමුල්ල පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකයේදී පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව…

අද බොහෝ ප්‍රදේශවලට තද වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර බස්නාහිර, වයඹ, මධ්‍යම, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…

ජනාධිපති කුසලාන පාසල් රග්බි ශූරතාව ඉසිපතන විද්‍යාලය​ට

අන්තර් පාසල් ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත්වී තිබෙනවා. කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ අද (18) පැවති අවසන් මහා තරගයේදී කොළඹ ඉසිපතන විද්‍යාලය විසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 12 – 9 ක් ලෙස පරාජය…

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වෙඩි තැබීමක්

බ්ලූමැන්ඩල් හි දුම්රිය මාර්ගය ආසන්නයේ ඇති මහල් නිවාස සංකීර්ණයක් ආසන්නයේ අද (18) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙන බව වාර්තා වනවා. මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 38 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල…

තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි…

කොටහේන වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් පොලීසියට භාර‍වෙයි

කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකුට හා කාන්තාවකට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙක් පොලීසියට භාරවී තිබෙනවා. ඒ අනුව අපරාධයෙන් පසු පලාගිය සැකකරුවෙකු හා අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ (17) කොටහේන පොලිස් ස්ථානයට…

මා ජීවත්ව නොසිටින දිනක වුවද, මාතෘ භූමිය එක සිංහ ධජයක් සෙවණේ පවතීවා – මහින්ද රාජපක්ෂ

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති LTTE ත්‍රස්තවාදය පරාජයට පත් කර වසර 16 සපිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලොව මිලේච්ඡතම කුරිරු ත්‍රස්තවාදය සහමුලින් නැති කරමින් මේ රටේ සෑම පුරවැසියෙකුටම මාතෘ භූමියේ සෑම බිම් අඟලකම මර…