Month May 2025

ජාතික විජයග්‍රාහී සැමරුමට යාමට ජනපති මුල සිටම තීරණය කර තිබුණා – විජිත හේරත්

ජාතික විජයග්‍රාහී සැමරුම සඳහා සහභාගී වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මුල සිටම තීරණය කර තිබුණු බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනුව, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාව පැවැත්වූ බවත්, සංවිධාන කටයුත්ත පමණක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට එම සාකච්ඡාවේදී උපදෙස්…

දේශබන්දු වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවන්, පරීක්ෂණ කමිටුව විසින් නිෂ්ප්‍රභ කරයි

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව විසින් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා නිෂ්ප්‍රභ කර තිබෙනවා.…

හරක් කටාට එරෙහි නඩුවක් ජූලි 15 දක්වා කල් තබයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ට එරෙහිව ඇති මංකොල්ල නඩුවක වැඩිදුර විභාගය ජූලි මස 15 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ අද (20) මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල…

මේ වසරේ පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා කරනවා – ලුනුවිල පොල් පර්යේෂණ ආයතනය

පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව, මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ලුනුවිල පොල් පර්යේෂණ ආයතනය පවසනවා. ඒ අනුව ගිය වසරේ පොල් ගෙඩි මිලියන 477ක අස්වැන්නක් ලැබී ඇති බවත්, එසේම මෙම වසරේ පොල්ගෙඩි මිලියන…

ලුණු ආනයනයට ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ

ලබන මස 10 වැනිදා දක්වා ලුණු ආනයනය කිරීමට හැකි වන පරිදි ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක පවසනවා. ඒ අනුව ලුණු ආනයනය කිරීම සදහා බලපත්‍රයක් අවශ්‍ය නොවන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම ආනයනකරුවෙකුට ලුණු…

කෙහෙළිය අධිකරණයට රැගෙන එයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. ‘දූෂණය’ නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව ඔහු මේ වන විට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. අදාළ නඩුව අද (20)…

මීනගයා දුම්රිය පීලි පැනීමකට ලක්වෙයි

කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හතරැස්කොටුව සහ හබරණ දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දරුවන් පරිස්සම් කර ගන්නැයි දෙමව්පියන්ගෙන් ඉල්ලීමක්

ඩෙංගු සහ චිකුන් ගුන්යා වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. වෛද්‍යවරයා පවසන්නේ, වර්ෂාව සමග මෙම රෝග පැතිරීම තවදුරටත් වර්ධනය විය හැකි බවයි. ඒ අනුව හැකි සෑම…

බීමතින් පාසැල් ළමුන් ප්‍රවාහනය කළ බස් රියැදුරෙක් අත්අඩංගුවට

බීමතින් සිසුසැරිය බස් රථයක් ධාවනය කරමින් සිටි බස්රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (19) දහවල් කාලයේ දී කටුපොත පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් කටුපොත නගරයේ සිසුසැරිය බස්රථයක් පරීක්ෂාවට ලක්කර ඇත. එහිදී අදාළ රියදුරා බීමතින් සිටින බවට අනාවරණය වී…

ට්‍රම්ප් සහ පුටින් අතර පැය දෙකක දුරකථන සංවාදයකින් පසු ගත් තීරණය

සටන් විරාමයක් සහ යුද්ධය අවසන් කිරීම සඳහා වන රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා වහාම ආරම්භ කරන බව අ‍මෙරිකාව පවසයි. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර ඊයේ පැවති දුරකථන සංවාදයකින් පසු ට්‍රම්ප් මේ බව නිවේදනය කර ඇත.…