Month May 2025

නීති විරෝධීව ධීවර කටයුතු කළ 36ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 36 දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. එම ධීවරයින් භාවිතා කළ නීති විරෝධී දැල් 117ක්, ඩිංගි යාත්‍රා 09ක්, මුහුදු කූඩැල්ලන් 3808ක්, අධි තාක්‍ෂණික ධීවර උපකරණ, නිති විරෝධී පුපුරණ ද්‍රව්‍ය සහ අධිබල විදුලි ආලෝක…

තාවකාලිකව නවතා තිබුණු EPF සේවාවන් නැවත ආරම්භ කෙරේ

අද දින තාවකාලිකව අත්හිටුවන ලැබූ සේවක අර්ථසාධක අරමුදලට (EPF) අදාළ සේවාවන් නැවත ආරම්භ කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අද දහවල් 12.00 සිට එම සේවාවන් නැවත ආරම්භ කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තමේන්තුව පැවසුවේ. EPF සේවා සඳහා භාවිතා…

ආනයනික ලුණු මෙට්‍රික් ටොන් 3050ක් අද මෙරටට පැමිණෙයි

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඒ අනුව ලුණු මෙට්‍රික් ටොන් 3,050ක තොගයක් අද (21) රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිත බවයි…

කටුනායක ඇඟලුම් කම්හලක් වසා දැමීමෙන් සේවකයන් 1,400කට රැකියා අහිමි වෙයි

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාව හදිසියේ වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මේ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් 1,400කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇති බවයි වාර්තා වෙන්නේ. මෙහෙයුම් පිරිවැය ක්‍රමයෙන් ඉහළ යාම හා වසර කිහිපයක්…

දිවයින පුරා රෝහල් රැසක දැඩි ඖෂධ හිඟයක් පවතිනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

දිවයින පුරා රෝහල් රැසක මේ වනවිට දැඩි ඖෂධ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ප්‍රතිජීවක, වේදනා නාශක ඖෂධ හා ඉන්සියුලින්වල දැඩි හිඟයක් පවතින බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ. ගිය අප්‍රේල් මාසය…

මානුෂිය ආධාර නොලැබුනහොත්, ගාසාවල දරුවන් 14,000ක් මිය යා හැකි බවට අනතුරු ඇඟවීමක්

මානුෂීය ආධාර රැගත් ලොරි රථ 93 ක් ඊයේ (20) ගාසා තීරයට ඇතුළු වූ බවට ඊශ්‍රායල නිලධාරීන් සඳහන් කර ඇති නමුත්, මේ දක්වා කිසිදු ආධාරයක් බෙදා හැර නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා. මේ වන විටත් ගාසා තීරය තුළ සාගතයක්…

ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී වාහන තුනක් එකිනෙක ගැටී අනතුරක්

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දුම්රියක් ගමන් කිරීම හේතුවෙන් ඉනිගොඩවෙල දුම්රිය හරස්…

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව ජුනි 27 වැනිදා කැඳවීමට නියෝග

ක්‍රිෂ් සමාගම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව එහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. මෙම නඩුව අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ කැඳවනු ලැබුණු…

හැව්ලොක් නිවාස සංකීර්ණයෙන් හමුවූ T-56 ගිනි අවිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

හැව්ලොක් නිවාස සංකිර්ණයේදී පොලිස් භාරයට ගත් T-56 ගිනි අවිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව එම ගිනි අවිය සිය සන්තකයේ තබාගෙන සිටි සැකකාරිය හා තවත් කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. සැකකාරියන් අවුරුදු…

මරණීය දණ්ඩනය ලැබූ විත්තිකරුවෙක් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණයෙන් නියෝගයක්

2009 වසරේ වව්නියාවේදී වෛද්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි සැකකරුවකු නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (20) නියෝග කර තිබෙනවා. එම විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කර එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින්,…