Month May 2025

ගොකරැල්ලේදී පුද්ගලයෙකුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව විමර්ශනයක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහරදීමට උත්සාහ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව ඔහු පොලීසිය අපකීර්තියට පත්වන ලෙස හැසිරී ඇති බවත්, අදාළ නිලධාරියා වැඩ තහනමකට ලක් කිරීමෙන් අදාළ…

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුවගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකරුවන් මහරගමදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…

මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මේ වන විට චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති දේහය අද (26) පෙ.ව. 8.00 ට කොළඹ 07 නිදහස් චතුරස්‍රය වෙත…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ…

මස්ක්ගේ ‘X’ හදිසි බිඳවැටීමක්

එලොන් මස්ක්ට අයත් සමාජ මාධ්‍ය වේදිකාව වන X, ගෝලීය වශයෙන් බිඳවැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පරිශීලකයින් රැසකට පණිවිඩ නොලැබීම, සටහන් පළ කිරීමේ අපහසුතාව ඇතුළු විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇති බවත්, පරිගණක සහ ජංගම දුරකථන උපාංගයන්හි X…

පොල් මිල යළිත් ඉහළට

මේ වනවිට වෙළඳපොලේ ලුණු හිගයක් නිර්මාණය වී ඇති පසුබිමක පොල් ගෙඩියක මිලද යළිත් වරක් රුපියල් 250 ඉක්මවා තිබෙනවා. ලුණු හිඟයට පිළියමක් ලෙස රජය ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොග මේ වන විට දිවයිනට ලැබෙමින් පවතින බවයි ජාතික ලුණු සමාගම ප්‍රකාශ කළේ.…

කෘෂි නිලධාරියකුගේ මළ සිරුරක් ඇලකින් සොයාගනී

කිලිනොච්චිය, ගනේෂපුරම් ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබියදී සැක කටයුතු අන්දමින් මියගොස් සිටි කෘෂිකර්ම සංවර්ධන නිලධාරියකුගේ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.  කිලිනොච්චිය , ජයන්තිනගර් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.  මොහු සිය රාජකාරිය නිමවා නිවස වෙත නොපැමිණිම හේතුවෙන්…

පළාත් කිහිපයකට හෙට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

පළාත් කිහිපයකට හෙට දිනයේදීත් මිලිමිටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලට මෙන්ම නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මෙම වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.  මීට…

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් කාන්තාවක් ඇතුළු තිදෙනා අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා. ඒ මැයි 29 දක්වායි. ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුවගේ වාහනයට පහරදීම සහ…

යුක්‍රේනය යළි ඇවිලෙයි

රුසියාව විසින් වැඩිම ඩ්‍රෝන යානා සහ මිසයිල සංඛ්‍යාවක් යොදා ගනිමින් යුක්රේනයට මෙතෙක් එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරය ඊයේ (24) රාත්‍රියේ එල්ල කර තිබෙනවා. අදාළ ප්‍රහාරයෙන් එරට ළමයින් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් දොළොස් දෙනෙකු මිය ගොස් ඇති අතර, ස්ථාන 22 ක් විනාශ…