Month May 2025

මිලියනය ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් 2025 මුල් මාස පහ‍ේදී මෙරටට පැමිණෙයි

2025 වසරේ මුල් මාස 05 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,006,097ක් වන බවයි එම අධිකාරිය…

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය හා පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක,…

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා මහජන අදහස් විමසීමේ දෙවන අදියර අද සිට ආරම්භ වෙයි

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීමේ දෙවන අදියර අද (27) සිට ආරම්භ වනවා. එහි පළමු අදියර ඉකුත් 23 වැනිදා සබරගමු පළාත කේන්ද්‍ර කර ගනිමින්, රත්නපුර දිස්ත්‍රික්කයේදී පැවැත්වූ අතර,…

කෝච්චි සතියක් දෙකක් නවත්තලා හරි අපි මේක හදනවා – ප්‍රවාහන න‍ියෝජ්‍ය ඇමති

පසුගිය දින දෙක තුළ සිදුවූ දුම්රිය අවලංගුවීම් බහුතරයකට හේතුව, දුම්රිය රියදුරන්ගේ කුඩා කණ්ඩායමක් කඩාකප්පල්කාරී සහ සැළසුම් සහගත ලෙස නිවාඩු ලබාගැනීමේ ක්‍රියාවක් නිසා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඒ අනුව, පසුගිය 25 වැනිදා දින  දෛනික දුම්රිය ගමන්වාර 216කින් ගමන්වාර…

රසායනාගාර විද්‍යාඥවරුන් සහ භෞතික චිකිත්සක නිලධාරීන් අද වර්ජනයක

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුවන අසාධාරණය ඇතුළු ඉල්ලීම් පහක් මුල්කර ගනිමින්, පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරු 08.00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර…

පළාත් පාලන මැතිවරණයේ ආදායම් සහ වියදම් වාර්තා භාරදීම අදින් අවසන් වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වියදම් නියාමන පනත යටතේ භාරදිය යුතු ආදායම් සහ වියදම් වාර්තා භාරදීමේ අවසන් දිනය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙතෙක් එම වාර්තා භාර දී නොමැති දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල…

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ

2024 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් සළකා බලා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එම අයදුම්පත් කැඳවීම එළැඹෙන 28…

කොදෙව්වන්ට එරෙහි තරගාවලියට ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ලබන මස මැද භාගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවා දිවයිනේ තරග සංචාරයකට සහභාගි වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් ඇන්ටිගුවා දිවයිනේදී පැවැත්වෙන මෙම තරගාවලියට සිව්දින (පළමු පෙළ) තරග දෙකක්…

ජනපති සහ නවසීලන්ත නියෝජ්‍ය අගමැති අතර හමුවක්

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Vinston Peters සහ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවක් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ද ලැබු සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳ මෙහිදී ජනාධිපති…

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් ප්‍රතිශෝධනය කරයි

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් එළැඹෙන ජුනි 01 වැනිදා සිට ප්‍රතිශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී තීරණයවී තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ විධායක නොව කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ආහාර සඳහා අයකරනු ලබන ගාස්තුව ප්‍රතිශෝධනය…