Month April 2025

වැහැර ෂෙඩ්එකේ ගින්න ඇති වුණේ ගෑස් ටැංකියක් පිපිරීමෙන්-සිරුරු හඳුනාගන්න DNA පරීක්ෂණ

පුද්ගලයන් සිව්දෙනකුට මරණය ගෙන දෙමින් කුරුණෑගල වැහැර ප්‍රදේශයේ පිහිටි ඉන්ධනහලක් ආශ්‍රිතව ඇති වූ ගින්නට හේතුව කාර්මික කටයුතු සඳහා යොදා ගන්නා ලීටර 70ක් පමණ වන ගෑස් ටැංකියකට එල්.පී. ගෑස් පුරවමින් තිබියදී එම ගෑස් ටැංකිය පුපුරා යෑමක් බව ඒ සම්බන්ධයෙන් මෙතෙක් කර…

ජනාධිපතිවරණයේදී-මහ මැතිවරණයේදී දුන් ජනවරම මේ ඡන්දයේදී යළි තහවුරු කරන්න-‘ජය නියතයි-ගම අපටයි’ ගාල්ලේ ජන රැලියට එක්වෙමින් ජනපති කියයි

– අපේ රටේ ආර්ථිකය පිළිබඳ අද ලෝකයේ සියලු දෙනාගේ විශ්වාසය තහවුරු වෙලා– සෑම පුරවැසියකුම රැක බලාගැනීමේ වගකීම ඉටුකරමින් සිටිනවා ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වල සැඟවූ කිසිවක් නොමැති බවත් භූ දේශපාලනයේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වුවත් ඊට මුහුණ දීමට සූදානම් බවත් ජනාධිපති අනුර…

අලුත් අවුරුදු ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම අද සිට ක්‍රියාත්මකයි

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්වන මගී ජනතාව වෙනුවෙන් අද (09) සිට 21 වැනි දා දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ඒ…

අත්සන් කළ ගිවිසුම්වලින් ආරක්ෂක අංශ පාවාදීමක් කිසිසේත්ම සිදු කර නෑ

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණි පසු අත්සන් කළ ආරක්ෂක සහයෝගිතා ගිවිසුම ඇතුළේ මෙරට ආරක්ෂක අංශ පවා දීමක් හෝ රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම වැනි කිසිවක් සිදු නොවන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති…

වැසි සහිත කාලගුණයක් අද

අද (09) දිනයේ දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර පළාතේ සහ පුත්තලම…

වන්නිලෑත්තෝ ඩුබායි ගිහිං

ආදිවාසී වැදි ප්‍රජාවේ නායක ඌරු වරිගේ වන්නිලෑ ඇත්තෝ ඩුබායි සංචාරයකට එක්ව තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක දැක්වෙන්නේ ඩුබායි සිට කොළඹ බලා පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL 226 ගුවන් යානයට වන්නිලෑ ඇත්තෝ සාදරයෙන් පිළිගත් බවයි. ඔහුට සත්කාර…

“එකතු කළ අගය මත බදු (සංශෝධන)” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “එකතු කළ අගය මත බදු (සංශෝධන)”…

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය 10ක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක්කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. ලබන 11 වැනිදා සිට එම දුම්රිය ධාවනයට එක්කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. දුම්රිය ආසන වෙන්කර ගැනීමේ…

අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනට සමගාමීව රුක් රෝපණය වැඩසටහනක්

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය හා ක්ලීන්ටෙක් (පුද්ගලික) ආයතනය එක්ව පළාත් පාලන ආයතන සමඟ ක්‍රියාත්මක කරන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනට සමගාමීව රුක් රෝපණය සදහා කොස් පැළ බෙදාදීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (08) පෙ.ව. 10.00ට ප්‍රජා මණ්ඩල ශාලාවේ දී (හල්පිට දවටගහවත්ත ක්‍රීඩාපිටිය අසළ) පැවැත්වීමට…

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසය. අද (08) අලුයම 2.48ට පමණ භූ කම්පනය හට ගෙන ඇත. භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.