Month April 2025

තැපැල් ඡන්දයේ දින සංශෝධනය කෙරේ

පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට තිබූ දින සංශෝධනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත. ඒ අනුව අප්‍රේල් 24, 25, 28, සහ 29 දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙන බව එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය. විශේෂ ප්‍රකාශයක් කරමින්…

VIP-VVIP පෝලිම් නෑ-මහනුවරට විශේෂ රථවාහන සැලැස්මක් ආරක්ෂාවට පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ 10,000ක්

සිරි දළදා වන්දනාවට මහනුවර පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා මහනුවර නගර සීමාවේ සහ ඉන් පිටත රථගාල් 25ක් ස්ථාපිත කර තිබේ. මහනුවර නගරාසන්නයේ රථගාල් 12ක් සහ ඉන් පිටත 13ක් ලෙස මෙම රථගාල් ස්ථාපිත කර තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා පැවසීය.…

මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජාතික සමගියේ ආණ්ඩුවක් බිහිවුණා-ජනපති අනුර කුමාර දිසානායක මන්නාරමේදී කියයි

මන්නාරම සහ රාමේෂ්වරම් අතර විශාල බෝට්ටු සේවයක් තිබුණා. යළි රාමේෂ්වරම්වලට බෝට්ටු සේවාව ආරම්භ කිරීමට අප ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර තිබෙනවා දකුණේ ජනතාව සිංහල පක්ෂ තෝරා ගන්නවා. හැබැයි පසුගිය මහ ඡන්දයේදී උතුර, දකුණ, නැඟෙනහිර සිටින සිංහල, දමිළ, මුස්ලිම් සියලු දෙනා…

ලොව ඉහළ සංචාරක ආකර්ෂණයක් ඇති ශ්‍රී ලංකාවේ සංස්කෘතික බැඳීම් ඉහළයි-ශ්‍රී ලංකාව රුසියානු මාධ්‍ය හමුවේ කියයි

ලොව ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත ශ්‍රී ලංකාව සමන්විත වන්නේ වෙරළ තීරයන්ගෙන් පමණක් නොවන බව ශ්‍රී ලංකාව, රුසියානු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරයි. Òසංචාරක: ආසියාවÓ යන මාතෘකාව යටතේ කොම්සොමොල්ස්කයා ප්‍රව්ඩා වට මේස සාකච්ඡාවේ දී රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ෂොබිනි ගුණසේකර මහත්මිය මේ…

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ආණ්ඩුකාරවරු දැනුම්වත් කෙරෙති-විදේශ කටයුතු ඇමැති ආණ්ඩුකාරවරුන් හමුවෙයි

සංචාරක ව්‍යාපාරය එක් එක් කලාපවල ප්‍රවර්ධනය කිරීමට පළාත්වල ආණ්ඩුකාරවරුන් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරියට ක්‍රියාත්මක කළයුතු සංචාරක ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා සහ පළාත් ආණ්ඩුකාරවරුන් අතර හමුවක්…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ කමිටුවේ සභාපති ධුරයට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ කටයුතු සඳහා පත්කළ කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පත්කර ඇත. මෙම කමිටුව පත්කිරීම සඳහාවූ යෝජනාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන…

මිනිස් වාසයට සුදුසු විය හැකි නව ග්‍රහලෝකයක් විද්‍යාඥයින් සොයාගනී

මිනිස් වාසයට සුදුසු විය හැකි යැයි විශ්වාස කළ හැකි නව ග්‍රහලෝකයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබේ. ජීවයේ සැකැස්මට මුල්වන කුඩා අණු මෙම ග්‍රහයා මතින් හඳුනාගෙන ඇති බවට පවසන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය කණ්ඩායම එය නම් කර ඇත්තේ K2-18b ලෙසයි. මෙම ග්‍රහයා සොයාගෙන තිබුණේ…

කොංගෝවේ බෝට්ටුවක් පෙරළීමෙන් 50ක් මරුට

වයඹ දිග කොංගෝවේ බෝට්ටුවක් ගිනිගෙන පෙරළීමෙන් පනස්දෙනෙකු මිය ගොස් සියදෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මගීන් 400 දෙනෙකු රැගත් මෝටර් ලී බෝට්ටුවක් ගිනි ගෙන මෙලෙස පෙරළී තිබේ. කොංගෝ ග‍ගේ යාත්‍රා කරමින් තිබු මගී බෝට්ටුවක ඇතිවු ගින්නක් සමඟ මගීන් කළබලවීම…

ඇෆ්ගන් සරණාගතයන් රටින් පිටුවහල් නොකරන්නැයි මලාලා යූසුෆ් පාකිස්තාන රජයෙන් ඉල්ලයි

ඇෆ්ගනිස්තාන සරණාගතයන් රටින් පිටුවහල් කිරීම වහාම නවත්වන ලෙස නොබෙල් සාම ත්‍යාගලාභී සමාජ ක්‍රියාකාරිනියක වන මලාලා යූසුෆ් පාකිස්තාන රජයෙන් ඉල්ලා ඇතැයි එරට නේෂන් පුවත් සේවය වාර්තා කළේය. විශේෂයෙන් කාන්තාවන් සහ දැරියන් පාකිස්තානයෙන් පිටුවහල් කිරීම සම්බන්ධව ඇය දැඩි කනස්සල්ලට පත්වී සිටින බව…

අමෙරිකාවේ උපජනාධිපති 21දා ඉන්දියාවට

ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධව අවධානය යොමු කරමින් අමෙරිකාවේ උපජනාධිපති ජේ.ඩී.වැන්ස් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ මස 21 දින ආරම්භ වීමට නියමිත අමෙරිකාවේ උපජනාධිපතිවරයාගේ සිවුදින ඉන්දීය නිල සංචාරය අතරතුර නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ…