Month April 2025

කෙහෙළියගේ බාල එන්නත් නඩුව විභාගයට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක්-නීතිපති ඉල්ලයි

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සිදු කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගෙන් ලිඛිත ඉල්ලීමක් කර…

පාස්කු දින ප්‍රහාරයේ ප්‍රතිඵල ලැබී තිබෙනවාසැඟවුණු කරුණු හයකින් දෙකක තොරතුරු සොයාගෙන – ජනපති ගම්පහදී කියයි

මේ වන විට පාස්කු දින ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රතිඵල තිබෙන බවත් සොයාගත යුතු කරුණු හයකින් දෙකක් මේ වන විට සොයාගෙන ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (22) ගම්පහ පැවති ජන රැලියක් අමතමිනි. ඉදිරි පළාත්…

ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට

ඊයේ  (22)  රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සිදු වූ වෙඩි තැබීමෙන් ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී තිබෙයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා…

ලොවෙහි සාමය පාප්තුමාගේ අපේක්ෂාවයි

(මරදාන, පාතිමා පල්ලියේ මීසම භාර ජගත් ඇන්තනි පියනම (නිමනි) සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි) ශුද්ධෝත්තම පාප් පදවියට පත්වූ පළමු ලතින් අමෙරිකානු පූජකවරයා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත්දා (21) ස්වර්ගස්ථ වූහ. 88 වියේ පසු වූ එතුමන් ස්වර්ගස්ථ 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේගෙන්…

පාස්කු වාර්තාව විමර්ශනයට කමිටුවක්

වෙළුම් 5යි-පිටු 66,300යි කමිටුවට පොලීසියේ 5ක් කඩිනමින් නීති ක්‍රියාමාර්ග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනපති විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව අධ්‍යයනය කර එම වාර්තාවෙන් අනාවරණය වන…

පාප් වහන්සේට අවසන් ගෞරව…

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය සහිත ඡායාරූප කිහිපයක් ඊයේ වතිකාන කතෝලික සභාව විසින් මාධ්‍යයට නිකුත් කරනු ලැබීය. අද (23) දිනයේදී බැතිමතුන්ගේ ගෞරවය පිණිස සාන්ත පීතර බැසිලිකාවට රැගෙන යෑමට නියමිත උන්වහන්සේගේ දේහය ඊයේ කැසා සැන්ටා මාර්තාහි පිහිටි දේවස්ථානයේ තැන්පත් කර…

ගොවියාගේ ලාභය වැඩිකර ආදායම ස්ථාවර කරනවා-කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත

නව රජයේ කෘෂිකාර්මික හා පශු සම්පත් සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික වැඩපිළිවෙළ මූලික කරගෙන ක්‍රියාත්මක ‘එක මිටට ගොවිබිමට’ වැඩසටහන සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නාමල් කරුණාරත්න සහ සුසිල් රණසිංහ…

මිහිතල දිනය සමරමු-යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලය

“ඔබ වෙසෙන මිහිතලයට ඔබගේ සහාය අවශ්‍යව තිබේ.” මෙය අද දවසේ අප මුහුණ දෙන පාරිසරික ඛේදවාචකයේ සැබෑ යථාර්ථයයි.මෑත කාලීනව මියන්මාරයේ සිදුවූ දරුණු භූ චලන, අමෙරිකා එක්සත් ජනපදයේ ඇතිවූ දරුණු ළැව්ගිනි තත්ත්වය අපට කියාපාන්නේ කුමක්ද? ‘සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැත’ යන…

ආහාර සුරක්ෂිතතා කමිටුව 6 වැනි වරටත් රැස්වෙයි

රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව 6 වැනි වරටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති…

පළාත් පාලන මැතිවරණයේදී කාන්තාවට හොඳ අවස්ථාවක් හිමි වෙනවා

දුසැරියට එරෙහි කාන්තා එකමුතුව සංවිධාන කළ වැඩමුළුවේ දී නීතිඥ ජගත් ලියනාරච්චි කියයි සුපිළිපන්, දුසැරියට එරෙහි මහජන නියෝජිතයෙක් කිසි විටෙකත් තමන්ගේ හොඳ ගතිගුණ පාවා දෙන්නේ නැහැයි නීතිඥ ජගත් ලියනාරච්චි මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (22) දුසැරියට එරෙහි කාන්තා එකමුතුව සංවිධාන…