Month March 2025

ට්‍රම්ප්ගෙන් හමාස් සටන්කාමීන්ට අනතුරු ඇඟවීමක්

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා වහාම නිදහස් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර තිබෙයි. එසේ නොකරන්නේ නම්, හමාස් සංවිධානය ලොකු වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවත්, හමාස් සංවිධානය මිහිපිටින් තුරන් කරන බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා…

වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර ගුද මාර්ග පිළිකා ඉහළට

වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති…

මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික තිරිගු පිටි ටොන් 750කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබෙන්නේ වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේදීයි. වෙළඳපොළට නිකුත් කිරීමට සුදානම් කර තිබු පරිභෝජනයට…

දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේදී වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු පළාත් වල වැසි ස්වල්පයක් හැරුනුවිට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව,…

සාපෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර තැපෑලට

මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන්ටත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ලිපිනයන්ටත් යොමු කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. ඒ…

අධිවේගී අනතුරින් අයෙක් මරුට – සහකාර පොලිස් අධිකාරී ඇතුළු තිදෙනකුට තුවාල

රාජ්‍ය බුද්ධි සේවයේ  නැගෙනහිර පළාත භාර  සහකාර පොලිස් අධිකාරි නිලංග හේරත් මහතා ගමන් ගත්  සුඛෝභෝගී  මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 39 දශම 3 දොඩංගොඩ ප්‍රදේශයේ නවතා තිබූ තවත් සුඛෝභෝගී මෝටර් රථයක ගැටීමෙන් එම මෝටර් රථයේ රියදුරු මිය ගොස් සහකාර…

මැලේසියානු භික්ෂු දූත පිරිසක් බුද්ධ ශාසන ඇමති හමුවෙයි

මෙරට සංචාරයක නිරත මැලේසියානු භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක්  ඊයේ (04) දා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා හමු වී දෙරට අතර බෞද්ධාගමික සබඳතා වැඩි දියුණු කරගැනීමේ අරමුණින් සාකච්ඡාවක් පැවත්වීය. මෙම හමුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික…

අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක්ටම වෛද්‍ය පරීක්ෂණයක්

ජනතාවාදී රජයක් ලෙස වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් වන්නේ ඉදිරි වසර පහ තුළ දී මෙරට ජීවත්වන වයස අවුරුඳු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම වසරක් හෝ දෙවසරක් වැනි යම් නිශ්චිත කාල සීමාවක් තෝරාගෙන එම කාලය තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කිරීමයි.…

අස්වැසුමෙන් ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමට පියවර

අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා මිලියන 1.7කට ආසන්න පිරිසක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි. ඒ එම අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට එක්වෙමිනි. එමෙන්ම මේ වසරේ දී…

යාල මාර්ග කිහිපයක් විවෘත කරයි

තාවකාලිකව සංචාරකයින්ට වසා දැමුණු යාල ජාතික උද්‍යානයයේ  සීමිත මාර්ග ප්‍රමාණයක් අද (05) සිට විවෘත කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව අද පස්වරු 2.00 සිට එම මාර්ග නැවත සංචාරකයන්ට විවෘත කෙරෙයි. පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන්…