Month February 2025

අද සහ හෙට විදුලි කප්පාදුවක්

හදිසි විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. මේ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර කාලය…

විදුලිබල ඉංජිනේරු සංගමයත් බිඳ වැටීමට හේතු කියයි

ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවට සාපේක්ෂව, අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීමත්, ඊයේ (09) දිවයිනේ සමස්ත විදුලිබල පද්ධතිය එකවර බිඳ වැටීමට බලපාන ලද මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇති බව ලංකා…

ලෝක රාජ්‍ය සමුළුවට ජනපති අද UAE යයි

“ලෝක රාජ්‍ය සමුළුව – 2025” සහභාගි වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් ෂයිඩ් අල් නායන් මහතාගේ ආරාධනයකට අනුව අද සිට එළඹෙන 13…

දිස්ත්‍රික්ක කිහිපයකට මල්තුහින

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල…

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කළ යුතුයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතාව තුළ ඇතිව තිබෙන සමාජ විරෝධය නැති කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන පෞද්ගලික යෝජනාව ඉදිරිපත් කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ දී පසුගියදා (07)…

ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රජා සුබසාධනයට නිපොන් පදනම සහය දෙනවා-නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා ජනපති හමුවේ පොරොන්දු වෙයි

මෙරට ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපනය නඟාසිටුවීමට මෙන්ම ආබාධිත ප්‍රජාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් මැදිහත් වෙන බව නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා පැවසීය. එසේම මෙරට ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය තුරන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජය ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති…

මෝල් හිමියාට අතිරේක ලාභයක් ගෙන දෙන වී සහතික මිල

වත්මන් ආණ්ඩුව විසින් වී කිලෝවක් සඳහා රුපියල් 115ක සහතික මිලක් නියම කළ හැකි බව ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේය. ගොවියාට අසාධාරණයක් නොවන පරිදි වී කිලෝවක නිෂ්පාදන වියදම ගණනය කර එයට 30%ක් එකතු කර වී සඳහා…

පැය 24ක් තුළ ලොව පුරා ගුවන් අනතුරු තුනක්-අමෙරිකාවේ සහ පිලිපීනයේ අනතුරුවලින් 14ක් මරුට

බ්‍රසීලයෙත් සැහැල්ලු ගුවන් යානයක් බස් රථයක් මතට කඩා වැටෙයි මේ වසරේදී ලොව ගුවන් අනතුරු ඉහළ ගොස් ඇතැයි ද, පසුගිය බ්‍රහස්පතින්දා සිට සිකුරාදා දක්වා ගත වූ පැය 24 ඇතුළත පමණක් ලොව පුරා ගුවන් අනතුරු 3ක් සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා…

ගාසා සටන් විරාමයෙන් තවත් ප්‍රාණඇපකරුවෝ 3කට නිදහස-ඊශ්‍රායලයෙන් පලස්තීනුවෝ 183ක් මුදා හරියි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට අනුව පෙරේදා තවත් ප්‍රාණඇපකරුවන් තිදෙනකු නිදහස ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල රජය එරට සිරගත කර සිටි පලස්තීන සිරකරුවන් 183 දෙනකු නිදහස් කළ බව විදෙස් මාධ්‍ය…

මෙක්සිකෝවේ බස් රථ අනතුරක් – 41ක් මරුට

දකුණු මෙක්සිකෝවේ බස් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් තිබේ. කැන්කුන් සිට ටබස්කෝ දක්වා ගමන් කරමින් තිබූ මෙම බස් රථය ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෙනසුරාදා අලුයම් කාලයේ සිදු වූ මෙම අනතුරින්…