Month February 2025

කුම්භමේලා යන බැතිමතුන් නවදිල්ලි දුම්රියපොළේ තෙරපී 18ක් මරුට

ඉන්දියාවේ නවදිල්ලි නුවර දුම්රිය ස්ථානයේ සිදුවූ අධික තෙරපුමකින් මගීන් 18 දෙනකුට දිවි අහිමි වී ඇතැයි ද, තවත් 10 දෙනකු තුවාල ලබා ඇතැයි ද ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කළේය. මියගිය අය අතර දරුවන් පස්දෙනකු සහ කාන්තාවන් 11 දෙනකු සිටින බව…

දකුණු කොරියානු නිළියගේ මළ සිරුර නිවසේ දී හමුවෙයි

දකුණු කොරියානු නිළි Kim Sae-ron සෝල් හි සියොංඩොං-ගු හි ඇගේ නිවසේදී මියගොස් සිටියදී සොයා ගත් බව පොලිසිය පැවසීය. මිය යන විට කිම්ගේ වයස අවුරුදු 24 කි. කිම්ගේ මිතුරිය ඇගේ මළ සිරුර ඇගේ නිවසේ තිබී සොයාගෙන ඉරිදා සවස 4:50 ට පමණ…

පැතුම්-කමිඳු පිළිබඳ මටත් වඩා විශ්වාසයි-කුසල් මෙන්ඩිස්

ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරග දෙකේදී ලකුණු අතර නොසිටි පැතුම් නිස්සංක හා කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයන් දෙදෙනාම ශ්‍රී ලංකා පිලේ වටිනාම සම්පත් බවත්, ඔවුන් දෙදෙනා ඉදිරියේදී රට වෙනුවෙන් දක්වන දක්ෂතා පිළිබඳ තමන්ට වඩා විශ්වාසය තැබිය හැකි බවත් දෙවැනි එක්දින තරගයේ වීරයා…

ජාතික ක්‍රීඩා සභාව පත් කරයි

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම, පිළිබඳ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීම අරමුණු කර ගනිමින් නව ජාතික ක්‍රීඩා සභාව පත් කිරීම ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් සිදු කළේය. ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත…

සංගාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා මාස්ටර්ස් පිල නම් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය දිග්විජය කළ සුපිරි ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලිය (International Masters League) තරගාවලියට එක් වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩකයෝ 15 දෙනකු එක්ව සිටිති. 1996…

පාසල් ක්‍රිකට් සංවර්ධනය උතුරෙන් අරඹයි

ක්‍රිකට් ක්‍රීඩා නොකරන පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය උතුරු පළාතෙන් ආරම්භ කළ අතර, එහි පළමු වැඩසටහන පෙරේදා (15) කිලිනොච්චිය ක්‍රීඩා සංවර්ධන ශාලාවේ දී පැවැත්විය. එම වැඩසටහන යටතේ කිලිනොච්චි දිස්ත්‍රික් කුසලතා සංවර්ධන ශාලාවට ක්‍රීඩා උපකරණ ලබාදීම තරුණ කටයුතු හා…

රුපියල් බිලියන 2200 ක අයවැය පරතරයක්

2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2025 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 7,190ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය.…

කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට රජයෙන් මහල් නිවාස

සමාජයේ සංස්කෘතික සුපෝෂණයට විශේෂ දායකත්වයක් සපයන කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (16) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැහැදිලි කළේය.…

ආණ්ඩුවේ කවුරු හරි අල්ලස් ගත්තොත් කිසිම සමාවක් නැහැ – ජනපතිගෙන් සහතිකයක්

බදු ගෙවන්නන්ගේ සෑම රුපියලකටම සාධාරණය ඉටු කරන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය අයවැය කතාව අවසන් කරමින් කියාසිටියේ සිය රජය යටතේ අල්ලස් ගැනීමට බිය වන සමාජයක් නිර්මාණය කරන බවයි. වත්මන් ආණ්ඩුවේ නිලධාරීන් අතර දූෂණය නොඉවසන බවත්, අල්ලස් ගැනීමට…

අයවැය 2025 : යෝජනා සියල්ල මෙන්න

2025 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය ඉදිරිපත් කිරීම පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරම්භ කළේය. දූෂිත පාලනය අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති සහ වගකීම් විරහිත පාලනය රට මුහුණ දුන් අර්බුදයේ හේතුව බව ජනාධිපති අනුර කුමාර…