Month October 2024

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28)…

දේශීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමට සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම ජම්බෝ රටකජු වගා ව්‍යාපෘතිය හා ගිවිසුම්ගත වෙයි

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතිය, 2K Agro Products සමාගම හා සී. ඩබ්ලිව්…

ඩෙංගු හිස ඔසවයි

ජනවාරි සිට මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් හතළිස් දෙදහසකට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි. ඒ අනුව පසුගිය මාස 10 ඇතුළත ඩෙංගු රෝගීන් 41,866ක් දෙනෙකු වාර්තා වී ඇත. එමෙන්ම ඩෙංගු රෝගීන් 20 දෙනකු…

බිත්තර මිලේ වෙනසක්

දේශීය වෙළඳපොළේ බිත්තරයක මිල පසුගිය සතියට සාපෙක්ෂව පහළ ගොස් තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ ඒ අනුව, අද (28) රතු බිත්තරයක මිල රුපියල් 36 ක අගයක සටහන් වූ බවය. එමෙන්ම අද දිනයේ සුදු බිත්තරයක මිල සටහන්ව ඇත්තේ රුපියල්…

රවිරාජ් නිවෙසට යළිත් ප්‍රහාරයක්

දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර යාපනය දිස්ත්‍රික්කයට තරගවැදී සිටින සසිකලා රවිරාජ් මහත්මියගේ නිවෙසට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කොට ඇති බවට ඇය චාවාකච්චේරි පොලීසියට පැමිණිලි කොට තිබේ. සසිකලා මහත්මිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නඩරාජා රවිරාජ් මහතාගේ බිරියය. කාන්තාවක් එක්වරම ඇයට කතා…

13වැනි ආසියානු නෙට්බෝල් තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

13වැනි ආසියානු නෙට්බෝල් ශුරතාවයේ අවසන් තරගයෙන් ලකුණු 67- 64 ක් ලෙසින් සිංගප්පූරුවට පරාජයට පත්වීම නිසා අනුශූරතාවයෙන් සෑහීමට පත් වන්නට ශ්‍රී ලංකාවට සිදු විය. ඒ අනුව ශූරතාවය සිංගප්පූරුවට හිමි වූ අතර සිංගප්පූරුව ආසියානු ශුරතාවයක් ජයගත්තේ සිව්වන වරටයි. තරගයේ පළමු කාර්තුව වැඩියෙන්…

ආසියානු නැඟී එන ක්‍රිකට් ශූරතාව ඇෆ්ගනිස්තානයට

මුල් පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් නැඟී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම හමුවේ කඩුලු 7කින් පරාජය වීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සිදු විය. ආසියානු ක්‍රිකට් කවුන්සිලය 6 වැනි වරට මේ තරගාවලිය…

ශ්‍රී ලංකා ක්‍රිකට් ‘සිස්ටම් චේන්ජ්’ එකක්-දක්ෂතා ඇති සෑම ක්‍රීඩකයකුටම අවස්ථාව ලැබෙන පරිදි නිශ්චිත ක්‍රමවේදයක් හදනවා – නායක චරිත් අසලංක

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ අවස්ථාව ලබා ගැනීම උදෙසා ක්‍රීඩකයන් අතරේ දැඩි තරගකාරීත්වයක් ඇති හෙයින් දක්ෂතා අතර සිටින සෑම ක්‍රීඩකයකුටම මාරුවෙන් මාරුවට අවස්ථාව ලැබෙන පරිදි නිශ්චිත ක්‍රමවේදයක් මේ දිනවල සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංක පැවසීය.…

පාකිස්තානය 2-1කින් ටෙස්ට් තරගාවලිය දිනයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 9කින් ජය ගැනීමට සත්කාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමත් විය. මේ සමඟ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට පාකිස්තානයට හැකි විය. රාවල්පින්ඩිහිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර…

බස් නැවතුම්පොළකට ට්‍රක් රථයක් කඩාවැදී ටෙල් අවීව් නුවර 40කට තුවාලයි-ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකයක්

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර ගිලට් ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරක් අසල බස්නැවතුම්පොළකට සැක කටයුතු ට්‍රක් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයන් 40 දෙනකු තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලයේ ජෙරුසලම් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය. ඉන් 10 දෙනකුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වේ. මෙය…