දෙනියාය කලාපයේ පාසැල් අද වසා දැමෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් දෙනියාය කලාපයේ පාසැල් අද (23) වසා දමා තිබෙනවා එමෙන්ම අකුරැස්ස ,මුලටියන සහ වලස්මුල්ල කලාපවල පාසැල් අවශ්‍යතාව මත වසා දැමීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය ලබා දෙන බවයි දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසන්නේ

Read More

උද්ධමනයේ සිදුවූ වෙනස

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 0.8% දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මෙම වසරේ අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 2.1%ක් ලෙසයි.

Read More

ශ්‍රී ලංකාව පෙර පැවති ආර්ථික අර්බුදයට යළි පත් නොවේවි – රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහගේ විශ්වාසය

ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය ආර්ථික තිරසරභාවය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ තුළින් ඊට පසුබිම නිර්මාණය වෙමින් පවතින බවයි. “මෙරට ආර්ථික වර්ධනය උදෙසා ආහාරපාන කර්මාන්තයේ දායකත්වය” මැයෙන්…

Read More

තවත් ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තවත් ප්‍රදේශ 6ක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශය සඳහා ඉදිරි පැය 24 දක්වා ක්‍රියාත්මක වන පරිදි පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රදේශය, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සහ වරකාපොළ ප්‍රදේශ සඳහා ද…

Read More

ICC CWC 2023 : ඇෆ්ගනිස්ථානයට ලකුණු 283 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 22 වන තරගය පාකිස්ථාන කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 282 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Babar…

Read More

ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මධ්‍ය – බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් බංග්ලාදේශ වෙරළ වෙත ගමන් කරනු ඇති බවයි සඳහන් වන්නේ….

Read More

ජනාධිපතිවරණයට රනිල් පමණක් ඉදිරිපත් වුනොත් ඉතිරි වෙන බිලියන 13 න් විදුලි බිල අඩු කර​ගන්න පුළුවන් – වජිර

ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයාගේ ඉල්ලුම් පත්‍රය පමණක් ඉදිරිපත් වුවහොත් ජනාධිපතිවරණය​කට යෑ​මේ අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා වැයවන බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීමට ඉතිරිකරගත හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන පුද්ගලයින් තමන්ට රට ගොඩගැනීමට නොහැකි බව දන්නා නිසා…

Read More

හරීන් සහ මනුෂගේ පෙත්සම් විභාගය 27 වනදා දක්වා කල්තැබේ

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් විභාගය මේ මස 27 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව අද පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙර දින මෙම පෙත්සම් විභාගයට සහභාගි වූ විනිසුරු මඩුල්ල නිසියාකාරව සංයුක්ත…

Read More

ජනපතිවරයාට ශක්තිය ලබාදෙන අපිට මෙහෙම කිරීම වේදනාවක් – පොදුජන පෙරමුණ

අද (23) සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් කණගාටුවක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ ලේකම් සාගර කාරියවසම් පවසනවා. ජනාධිපතිවරයාට එම ධූරය ලබාදී පාර්ලිමේන්තුවේදී රජය ගෙනයාමට ඔහු​ට සහයෝගය ලබාදෙන අති බහුතරයක් මන්ත්‍රීවරුන් පොදුජන පෙරමු​ණේ බවත් මන්ත්‍රීවරුන් 5 දෙනෙක් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාත්‍ය ධූරයක් හා රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීම සම්බන්ධයෙන් සතුටු නොවන බවයි…

Read More

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. මෙතෙක් මාස හයකට වරක් සංශෝධනය කෙරුණු විදුලි බිල මින් ඉදිරියට මාස 03කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කලේය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව…

Read More