Category Local News

වෛද්‍ය තුසිත සුදර්ශන අත්අඩංගුවට

වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශනව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය…

ලබන වසරේ සිට ක්‍රමානුකූලව වාහන ආනයනයට අවසර ලබාදීමට බලාපොරොත්තු වෙනවා – ජනපති

ලබන වසරේ සිට ක්‍රමානුකූලව වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. යුනයිටඩ් යූත් තරුණ එකමුතුව මගින් “තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ තමා…

ආණ්ඩුව පරාටේ නීතිය අත්හිටුවා තිබෙන්නේ ණය පැහැර හරින්නන් කීපදෙනෙකුගේ බලපෑම් නිසා – ශ්‍රී ලංකා බැංකු සංගමය

පාර්ලිමේන්තුව හරහා පවතින නීති සංශෝධනය කරන තුරු, සුදුසු අවස්ථාවලදී බැංකු විසින් පරාටේ ප්‍රතිකර්මය භාවිත කරන බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසනවා. සමස්ත ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන ණය පැහැර හරින්නන් කිහිප දෙනෙකුගේ බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස පරාටේ නීතිය හරහා ණය අයකර ගැනීම…

IMF ගිවිසුම නොතේරීම නිසා විපක්ෂයට කිසිසේත්ම රට ආණ්ඩු කළ නොහැකි බව ඔප්පු වුණා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

අයි.එම්.එෆ්. ගිවිසුම හරියාකාරව නොතේරීම නිසා විපක්ෂයට කිසිසේත්ම රට ආණ්ඩු කරන්න බැරි බව මේ වන විට ඔප්පු වී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය. නමුත් මෙම තත්ත්වය පිළිබඳ විෂයානුබද්ධ අවබෝධයක්, ප්‍රාමාණික දැනුමක් සහිත ආචාර්ය හර්ෂ ද සිල්වා,…

රටක් බංකොළොත් කරලා විනාශ කිරීමේ මහා අපරාධයේ අවසාන වගකිව යුත්තා ගෝඨාභය රාජපක්ෂ – ඕමල්පේ සෝභිත හිමි

රටක් බංකොළොත් කර විනාශයට පත් කිරීමේ මහා අපරාධයේ අවසාන සාක්ෂිකරු හා වගකිව යුත්තා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. ගෝඨාභය රාජපක්ෂ සිය කෘතියේ අවසාන පිටුවේ “මාගේ ඡන්ද දායකයින් මාගෙන් බලාපොරොත්තු වූ දෙය ඉටු කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන්…

රනිල් කියන්නේ තරුණ පරම්පරාවට සීයා කෙනෙක් – එස්.එම්. මරික්කාර්

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු රටේ තරුණ පරම්පරාවට සීයා කෙනෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ රැළිය පැවැත්වූ කුලියාපිටිය නගරයේදීම 2017 වසරේදී වොක්ස්වගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බවට ඔහු ප්‍රකාශ කළ නමුත්, ඔහුට පාපැදි…

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න අභාවප්‍රාප්ත වෙයි

රවීණ නිවේදක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට අශෝක තිලකරත්න 82 හැවිරිදි වියේ පසු වුණා. අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.

IMF නියෝජිතයින් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අතර සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු නියෝජිතයන් සමඟ විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම්වල හා මූල්‍ය වගකීම්වල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා. පසුගියදා සිදුකල විදුලි අය ක්‍රම සංශෝධනය, 2023 වසරේ…

අනුර කුමාර දිසානායක සහ කැනඩා මහකොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් Eric Walsh සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් (13) සිදුව තිබෙනවා. මෙම සාකච්ඡාවේදී මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන්වූ බවයි එම පක්ෂය…

දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය විවෘත කරන වේලාව හෙට සිට සංශෝධනය වෙයි

දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් ඉදිරි ආසන වෙන් කිරීම් සඳහා විවෘත කරන වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් දින 30කට පෙර ආසන වෙන් කිරීම දිනපතා පෙරවරු 10.00 ට…