Category Local News

කතානායකට එරෙහි විශ්වාසභංග විවාදය සඳහා දින නියම වෙයි

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 දෙදිනේදී විවාදයට ගැනීමට නියමිතයි. ඒ අනුව යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වීමට අද (14) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර…

මහ බැංකු පනත සංශෝධනය කිරීමට අදාළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව භාරදෙයි

මහ බැංකු පනත සංශෝධනය සඳහා ගෙන එනු ලබන පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් (13) පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න වෙත භාරදී  තිබෙනවා. මහ බැංකුවේ අත්තනෝමතික වැටුප් වැඩි කරගැනීම අවලංගු කිරීම සහ මහ බැංකුවේ සේවක වැටුප් වැඩි කිරීමේදී…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

මොරටුව සිට මරදාන දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම ආසන්නයේ දී පීලි පැනීමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉන්දියානු මහ කොමසාරිස් හා බැසිල් අතර හමුවක්

ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ අනුව ද්විපාර්ශ්වික සබඳතා, දේශපාලන තත්ත්වයන් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අදහස් හුවමාරු කරගත් බවයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය…

මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක කොටසක රිය ධාවනය එක් මං තීරුවකට සීමා කෙරේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක කොටසක රිය ධාවනය සති දෙකක කාලයක් සඳහා එක් මං තීරුවකට සීමා කර තිබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී. කහටපිටිය පවසනවා. අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (14) සිට දින 14ක කාලයක් මෙම සීමාකිරීම සිදුකරන…

දිස්ත්‍රික්ක 7ක වී මිලදී ගැනීමට අයැදුම්පත් නිකුත් කිරීම හා සාම්පල් පරීක්ෂාව අද සිට – වී අලෙවි මණ්ඩලය

දිස්ත්‍රික්ක 7ක වී මිලදී ගැනීම සඳහා අද (14) සිට අයැදුම්පත් නිකුත් කිරීම හා සාම්පල් පරීක්ෂාව ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ඒ අනුව කුරුණෑගල, අම්පාර, කිලිනොච්චි, මුලතිවු, වව්නියා, මඩකලපුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල හෙට (15) සිට වී මිලදී ගැනීම ආරම්භ…

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බවයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සඳහන් කළේ. එසේම ලබන සතියේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කරන බවද…

IMF නියෝජිතයින් සහ ජාතික ජන බලවේගය අතර අද හමුවක්

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (14) දින හමුවීමට බලාපොරොත්තු වන බව ජාතික ජන බලවේගය පවසනවා. ඒ අනුව අද පෙරවරු 10.00 ට  එහි ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ. ආණ්ඩුව විසින් ජනතාව මත පටවා ඇති ආර්ථික පීඩනය…

ක්ෂය රෝගීන් වාර්තාවීම 14% කින් ඉහළට

මෙරට ක්ෂය රෝගීන් වාර්තාවීම 14% කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසනවා. මේ වන විට පෙනහළුගත ක්ෂය රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිසායා කාදර් සඳහන්…

දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය විවෘත කරන වේලාව අද සිට සංශෝධනය වෙයි

දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් ඉදිරි ආසන වෙන් කිරීම් සඳහා විවෘත කරන වේලාව අද (14) සිට සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් දින 30කට පෙර ආසන වෙන් කිරීම දිනපතා…