Category Local News

69 ලක්ෂයේ අභිලාෂ ඉටුකළ හැකි නායකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා – ගම්මන්පිල

69 ලක්ෂයේ අභිලාෂ ඉටුකළ හැකි නායකයෙක් එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව 69 ලක්ෂයක් ඡන්දය ලබාදුන්නේ රනිල් වික්‍රමසිංහ එළවීමට හා සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායකද එම ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටියදී බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ

විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මග පෙන්වීම යටතේ ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව 2024/2025 වැඩසටහනට අයඳුම්පත්…

නොමිලයේ පැවැත්වෙන මාධ්‍ය සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න බදුල්ලේදී…

“ජනමාධ්‍ය දැලි පිහියෙන් සමාජය කිරි කෑම” ජනමාධ්‍ය ලෝකයක ජීවත් වන අප මාධ්‍ය කුණාටු වලට හසු නොවී කාල තරණයට හරි පාර කියන නොමිලයේ පැවැත්වෙන ජාතික මාධ්‍ය සම්මන්ත්‍රණ මාලාවේ පළමු දිග හැරුම බදුල්ලේදී පැවැත්වේ. 2024.03.16 සෙනසුරාදා පෙරවරු 08.00 සිට පස්වරු 02.00 දක්වා…

කතානායකට එරෙහි විශ්වාසභංග විවාදය සඳහා දින නියම වෙයි

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 දෙදිනේදී විවාදයට ගැනීමට නියමිතයි. ඒ අනුව යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වීමට අද (14) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර…

මහ බැංකු පනත සංශෝධනය කිරීමට අදාළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව භාරදෙයි

මහ බැංකු පනත සංශෝධනය සඳහා ගෙන එනු ලබන පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් (13) පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න වෙත භාරදී  තිබෙනවා. මහ බැංකුවේ අත්තනෝමතික වැටුප් වැඩි කරගැනීම අවලංගු කිරීම සහ මහ බැංකුවේ සේවක වැටුප් වැඩි කිරීමේදී…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

මොරටුව සිට මරදාන දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම ආසන්නයේ දී පීලි පැනීමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉන්දියානු මහ කොමසාරිස් හා බැසිල් අතර හමුවක්

ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ අනුව ද්විපාර්ශ්වික සබඳතා, දේශපාලන තත්ත්වයන් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අදහස් හුවමාරු කරගත් බවයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය…

මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක කොටසක රිය ධාවනය එක් මං තීරුවකට සීමා කෙරේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක කොටසක රිය ධාවනය සති දෙකක කාලයක් සඳහා එක් මං තීරුවකට සීමා කර තිබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී. කහටපිටිය පවසනවා. අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (14) සිට දින 14ක කාලයක් මෙම සීමාකිරීම සිදුකරන…

දිස්ත්‍රික්ක 7ක වී මිලදී ගැනීමට අයැදුම්පත් නිකුත් කිරීම හා සාම්පල් පරීක්ෂාව අද සිට – වී අලෙවි මණ්ඩලය

දිස්ත්‍රික්ක 7ක වී මිලදී ගැනීම සඳහා අද (14) සිට අයැදුම්පත් නිකුත් කිරීම හා සාම්පල් පරීක්ෂාව ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ඒ අනුව කුරුණෑගල, අම්පාර, කිලිනොච්චි, මුලතිවු, වව්නියා, මඩකලපුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල හෙට (15) සිට වී මිලදී ගැනීම ආරම්භ…

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බවයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සඳහන් කළේ. එසේම ලබන සතියේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කරන බවද…