Category Local News

තලවකැලෙන් අතුරුදහන් වු පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල ප්‍රදේශයෙන් හමුවෙයි

තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට්වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ ඉකුත් මස (14) දින සිට අතුරුදහන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල මිටියාගොඩ ප්‍රදේශයේ නවාතැන්පොලක සිටියදි ඊයේ (04) දින පොලිස් භාරයට ගත් බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා…

සරත් ෆොන්සේකා ඇප බඳී

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඔහු වෙනුවෙන් වෘත්තීයවේදී ධම්මික රත්නායක මහතා විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා.

ඡන්ද වැඩට පමණක් තැපැල් සේවකයින් 12,000ක්

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් කටයුතු සඳහා පමණක් සේවකයින් 12,000ක් සූදානම් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රමුඛතා සේවා යටතේ මැතිවරණ තැපැල් ලිපි ඇතුළු තැපැල් ඡන්ද අයදුම්පත් බෙදාහැරීම අද (05) සිට සිදු කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පොල් වගාවේ ගැටළුවලට අද සිට භාෂා තුනෙන්ම පිළිතුරු

පොල් වගාව ආශ්‍රිතව වගාකරුවන් මුහුණ දෙන රෝග තත්ත්වයන්, වගාව සාර්ථක කරගැනීම හා ඉහළ අස්වැන්නක් ලබාගැනීම ආදී සියලුම කරුණුවලට විසඳුම් ලබා දීම සඳහා පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් අද දින සිට ක්‍රියාත්මක වන පරිදි ක්ෂණික දුරකථන අංකයක් සහ Coconut Appනමින් දුරකථන…

හෂාන් තිලකරත්නගේ සහය සජිත්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය සමග එක් වී තිබෙනවා. ඔහු මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ලෙස…

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අද සිට ඇරඹෙයි

සිව් මහා දේවාල වෙත පෙරදින ගෙනා “කප” සුබ මෙහොතින් අද සිටුවන ලදී. ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ පූර්ව චාරිත්‍රවල ආරම්භය සනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු විය. එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ…

මිලියන 82 ක කේරළ ගංජා කැළෑවකින් හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය, ඉරණතිව් දූපතේ ඊයේ  (04)  සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම දූපතේ ලඳු කැලෑවක් තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය හතකට (207) අධික තොගයක් සොයා ගැනීමට හැකිවී තිබෙයි. ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී…

කුරුණෑගල, මාතලේ සහ මොණරාගල එළවළු ගොවීන්ට නොමිලයේ පොහොර

කටාර් චැරිටී සංවිධානය විසින් කුරුණෑගල, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්කවල එලවළු වගාවේ නිරතවන අඩු ආදායම්ලාභී පවුල්වල ගොවීන් 3476කට නොමිලයේ යුරියා, මඩ‌ පොහොර හා බණ්ඩි පොහොර ලබා දීමට කටයුතු යොදා ඇත. මෙම පොහොර තොගය නිල වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට බාර…

බදුල්ල සිට මාකුඹුරට අධිසුඛෝපභෝගි ලංගම බස් රථ සේවාවක්

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍ර‍ථමවරට බදුල්ලේ සිට මාකුඹුරට නව අධි සුඛෝපභෝගී ලංගම බස්රථ සේවාවක් ඊයේ (4) ආරම්භ කළ බව ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ සහකාර ඩිපෝ කළමනාකාර ආර්.එම්. ප්‍රදීප් අසංක රත්නායක මහතා පැවැසීය. මගීන්ගේ ගමන් පහසුව තකා ප්‍රථමවරට බදුල්ල ඩිපෝව මඟින්…

කරාඬුගල පොලිසියේ PC තම සගයකු ඇතුළු 3ක් ඝාතනය කර දිවි නහගෙන

බිබිල, කරාඩුගල පොලිස් ස්ථානයේ රාත්‍රී උපසේවක ලෙස සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (04) අලුයම ටී 56 වර්ගයේ අවිය රැගෙන පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර් 32ක් දුර අම්පාර, ඉගිනියාගල පිහිටි නි‍ෙවසකට ගොස් එහි සිටි එම පොලිස් ස්ථානයේම සේවයේ නිරත කොස්තාපල්වරයකු වෙඩි…