Category Local News

මිනිස් ජාවාරටම එරෙහිව තරාතිරම නොබලා නීතිය

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අවධාරණය කළේය. රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් යොමු කරමින් මිනිස් ජාවාරමේ නිරත…

දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මකවන එකම රට ශ්‍රී ලංකාවයි

රජය විසින් පසුගිය දෙවසරක කාලය තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව නීති පද්ධතියක් සමඟ නව…

රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට අධිකරණයෙන් නියෝගයක්

විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව මාළිගාකන්ද අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට මෙලෙස මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. විරෝධතාකරුවන් ඩීන්ස් පාර, ටී බී ජයා මාවත, ටෙක්නිකල් හංදිය,…

නීතිවිරෝධී දුම්වැටි ජාවාරමේ යෙදුණු පුද්ගලයෙක් STF අත්අඩංගුවට

මෙරටට නීති විරෝධීව දුම්වැටි ආනයනය කිරීමේ ජාවාරමේ යෙදුනු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රාගම, කැටගේවත්ත පාර ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන…

ජනාධිපතිවරණය ගැන UNHCR නම සඳහන් කළ වාර්තාව ව්‍යාජ වාර්තාවක් – UNHCR කාර්යාලය

එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයේ (UNHCR) නම සම්බන්​ධ කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳ වංචනික වාර්තාවක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙමින් ඇති බව එම කාර්යාලය පවසනවා. එම වාර්තාව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයේ මානූෂීය විෂය පථයට හෝ ශ්‍රී ලංකාවේ වැඩකටයුතුවලට කිසිඳු සම්බන්ධයක්…

කොළොන්නාව ස්වශක්ති සාමාජිකයන්ට ස්වයං රැකියා පුහුණුවක්

කොළොන්නාව ස්වශක්ති සංවිධානයේ මහා සභා රැස්වීමක් (13) කොළොන්නාව පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි. එම සංවිධානයේ සිටින විශේෂ අවශ්‍යතා ඇති සාමාජිකයන් සඳහා ස්වයං රැකියා පුහුණුවක් ලබා දී ඔවුන් විවිධ ආයතනවලට යොමු කර රැකියා අවස්ථා සලසා දීම කෙරෙහි මෙහිදී සාකච්ඡා විය. සංවිධානයේ සිටින බහුතරයක්…

මත්පැන් බලපත්‍ර අයැදුම් කළ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල වාර්තාව කඩිනමින් මැතිසබයට – මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

මත්පැන් බලපත්‍ර අයැදුම් කර ඇති මන්ත්‍රීවරුන්ට දණ්ඩනය පැනවීමට ගියොත් විපක්ෂ නායකවරයාට මන්ත්‍රීවරුන් කී දෙනෙකු ඉතිරිවේදැයි කිව නොහැකි බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය. මිතුරන්ට හෝ හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබාදීමේ කිසිදු වැඩපිළිවෙළක් සකසා නැති බවත්, විපක්ෂ නායකවරයා පවසන…

වර්ජන නිසා සරසවි වැඩ හිරවෙලා: දරුවන්ගේ නාමයෙන් වැඩට එන්න

වැඩ වර්ජන හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය දෑවැන්ත අර්බුදයකට මුහුණ පා ඇති බැවින් අධ්‍යාපනයේ නාමයෙන් දරුවන් ගැන සිතා රැකියාවට පැමිණෙන්නැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සියලු අනධ්‍යයන සේවකයන්ගෙන් ඉල්ලීමක් කළේය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී (14) පැවැති විශේෂ…

කතරගම සිදු කරන හොර අටපිරිකර ජාවාරම හසුවේ

කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට සිවුරු කොටස් කාඩ්බෝඩ්වල ඔතා සකස් කර ඇති ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙක් කතරගම පොලිසිය හා මොනරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් (13) පෙරවරුවේ කතරගම පුදබිමේදී අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ කතරගම…

අද කාලගුණ නිවේදනය

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…