අද රාත්‍රී 10 සිට ඇඳිරි නීතිය පැනවෙයි

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ. ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ. ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.

සැප්තැම්බර් මස 23 (සඳුදා) දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය මඟින් ප්‍රකාශයට පත්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා දැනුම් දී තිබෙනවා. එම නිවේදනය පහතින්,

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් ප්‍රශ්නපත්‍ර ඇගැයීම් කටයුතු සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඇය මේ බව ඊයේ…

නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ලියාපදිංචි කිරීම අද (21) සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. ඒ අනුව, ඊට අදාළ තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි…

ජනාධිපතිවරණ ඡන්ද විමසීම මේ වන විට සාමකාමීව සිදුවන බව පැෆ්රල් සංවිධානය පවසනවා. ඡන්ද විමසීම ආරම්භ වූ අවස්ථාවේ මේ දක්වා බරපතළ සිදුවීමක් වාර්තා වී නොමැති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ. ඒ අනුව සුළු සිදුවීම් 35 ක් පමණක්…

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා වන ඡන්ද විමසීම සදහා ලබා දී තිබූ කාලය අවසන් වී තිබෙනවා ඒ අනුව ඡන්ද පෙට්ටි ආරක්ෂාව මධ්‍යයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම ආරම්භ කිරීමට නියමිතයි ඡන්ද විමසීම සදහා පෙරවරු 7 සිට…

මැතිවරණ රාජකාරී කටයුතුවලට බාධාවන ආකාරයෙන් හැසිරුණු, මැතිවරණ රාජකාරීවලට සම්බන්ධ කාර්යාල කාර්ය සහයකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාඋල ප්‍රදේශයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයකින් මෙම සිදුවීම වාර්තා වී ඇති අතර එහි සිටි පොලිස් නිලධාරීන් විසින් සිදු කළ දැනුම්දීමකට අනුවයි අදාළ සේවකයා මෙලෙස අත්අඩංගුවට ගෙන…

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම අද (21) උදෑසන 7.00ට ආරම්භ විය ඒ අනුව අද උදෑසන 10 දක්වා දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පහත ආකාරයට සඳහන් විය කොළඹ – 20%කළුතර – 32%,නුවරඑළිය…

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙයි. ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇත.…