Category Local News

ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීමට සහාය දෙනවා-ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇත. ශ්‍රී ලංකාවට අපනයන වෙළෙඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය. මෙම…

සොබාදහම් පියසේ තිබූ ඇත්දළ යුගල යළි වනජීවියට

පරිසර අමාත්‍යාංශයේ සොබාදහම් පියසේ පිහිටා ඇති අමාත්‍ය නිල කාමරයේ තැන්පත් කර තිබූ දුර්ලභ ගණයේ වටිනාකමකින් යුත් ඇත් දළ යුගල නැවත වනජීවී දෙපාර්තමේන්තුවට ලබාදීමට අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පෙරේදා(07) දිනයේදී පියවර ගනු ලැබීය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් බී.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති…

මැතිසබේ කාන්තා නියෝජනය වැඩි වුණොත් ගන්නා තීරණත් සමබරයි-පාර්ලිමේන්තු කාන්තා සංසදයේ හිටපු සභාපතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

පාර්ලිමේන්තුව නියෝජනයේ දී වැඩි ඉඩකඩක් කාන්තාවට ලබාදීමෙන් ආණ්ඩුවට සමබර තීරණ ගැනීමේ හැකියාව ලැබෙන බව පාර්ලිමේන්තු කාන්තා සංසදයේ හිටපු සභාපතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. පසුගිය පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය පැවැතියේ සියයට 5ක් බවත් එය මෙවර ඉහළ නැංවිය යුතු අතර…

මුහුදු ආදිවාසීහු නැඟෙනහිර ආණ්ඩුකාරවරයා සම්ප්‍රදානුකූලව පිළිගනිති

නැ‍ඟෙනහිර පළාත නිජබිම කරගත් මුහුදු ආදිවාසීන් පෙරේදා (07) සවස අභිනවයෙන් පත්වූ නව නැඟෙනහිර ආණ්ඩුකාරවරයා සම්ප්‍රදානුකූලව මී පැණි මුට්ටියක් ලබා දෙමින් පිළිගනු ලැබීය. මෙහිදී මුතූර් මුහුදු ආදිවාසී නායකයා ඇතුළු පිරිස මීපැණි මුට්ටියක් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වෙත පිළිගැන්වූහ. අනතුරුව…

වතුගෙදරින් හමුවූ රෝස නයා ජාතික සත්වෝද්‍යානයට

වතුගෙදර ආඳාදොළ ප්‍රදේශයෙන් නැවතත් රෝස පැහැති නයකු හමුවූ අතර, ජාතික සත්වෝද්‍යානයෙන් බව පවසා පැමිණි පිරිසක් එම නයා රැගෙන යාමට තිබූ සැලැස්මක් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සහ හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ව්‍යාර්ථ කෙරේ. වතුගෙදර ආඳදොළ ප්‍රදේශයේ දින කිහිපයකට පෙර නිවෙසක් අසලට…

පුනරුද වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් නොමිලේ බස් ධාවනයක්

ජනාධිපතිවරයාගේ “ පුනරුද වැඩපිළිවෙළට ” ශක්තියක් වෙමින් පෙරේදා (07) මාවනැල්ල – අස්මඩල මාර්ගයේ එක් මගී බස් රථයක් මගීන්ගෙන් කිසිදු මුදලක් අය කර ගැනීමෙන් තොරව ධාවනය කරන්නට විය. මෙම පෞද්ගලික මගී බස් රථය මෙලෙස ධාවනය කිරීම දවස පුරා නොමිලේ සිදු කළ…

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම 10දා දක්වා දික් කරයි

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ (08) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතව තිබුණත් එය ලබන 10 වැනිදා දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ආරම්භ කෙරුණේ, පසුගිය 01 වැනිදා…

වාහන ආනයනයට මහ බැංකුව නිර්දේශ දෙයි

ශ්‍රී ලංකාවේ දළ විදේශීය නිල සංචිතයට අවහිරතාවක් ඇති නොවන ආකාරයට රථ වාහන ආනයනය සඳහා වූ අවශ්‍ය නිර්දේශ ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් දැනටමත් මුදල් අමාත්‍යාංශයට ලබා දී තිබේ. වසර 2022දී ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුනි. එම අවස්ථාවේ…

ඇල්පිටිය සහ බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සංවර්ධනයට කොරියාවේ සහය

ඇල්පිටිය සහ බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සංවර්ධනය කිරීමට සහ සුභසාධන ව්‍යාපෘති හඳුනා ගැනීමට විශේෂ දස අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී KFHI(Korea Friends of Hope International) සංවිධානය හා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ…

ප්‍රධාන පක්ෂ අද සිට ඡන්දයට නම් දෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන ප්‍රධාන දේශපාලන පක්ෂ හා සන්ධාන නාමයෝජනා භාරදීම අද (09) සිට ආරම්භ කර තිබෙනවා. මේ වන විට බොහෝ පක්ෂවල අපේක්ෂකයින් තේරීමේ කටයුතු අවසන් කරමින් නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම් සිදුවන බව සඳහන්. ජාතික ජන බලවේගය පක්ෂය මේ වන…