හයිලෙවල් මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි

මේ වනවිට පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

මේ වනවිට පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

දිස්ත්‍රික්ක 10ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයැමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබේ. ගාල්ල, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර, බදුල්ල, කොළඹ, ගම්පහ, මාතර, නුවරඑළිය, කුරුණෑගල සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා…

වැලිපැන්න අන්තර් හුවමාරුව ජලයෙන් යටවීම නිසා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. වැලිපැන්න අන්තර් හුවමාරුවේ පිටවීමේ සහ ඇතුල්වීමේ මාර්ග මේ වනවිට සම්පූර්ණයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව ඊයේ (10) පෙ.ව 8.30 සිට අද (11) පෙ.ව 7.00 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර එය මිලිමීටර 260.5කි.

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවුඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබාදී තිබේ. රජයේ අරමුදල් ලබා…

පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය සඳහා ද රටවල් 08ක නිරීක්ෂකයන්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. සාක් කලාපීය රටවල් සහ රුසියාවෙන් එම නිරීක්ෂකයන් මෙරටට පැමිණෙන බව එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේය. මීට අමතරව මහමැතිවරණ කටයුතු නිරීක්ෂණය…

ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිමත් නිලධාරියෙක් වූ විශ්‍රාමික පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා වසරක කොන්ත්‍රාත් සේවා කාලයක් සඳහා ශ්‍රී ලංකා පොලිසියට බඳවාගෙන තිබේ. ජාතික පොලිස් කොමිසම ඊයේ(10) රැස්වීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර ඇති බව පොලිස් කොමිසම අනාවරණය කෙළේය. ශානි අබේසේකර මහතා…

දෙවැනි පරපුර පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා පත‍්‍ර භාර දීමට කුරුණෑගල දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක උවිඳු විදුර විජේවීර මහතා ඇතුළු පිරිසක් කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට ඊයේ (10) පැමිණි අයුරු

අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් 2ක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් කොළඹ මහාධිකරණය ඊයේ (10) නිකුත් කළේය. දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය…

රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අතහැරදමා ගොස් තිබියදී සොයාගත් බව වාර්තා වේ. මෙම කැබ් රථය ඉකුත් සිකුරාදා සිට එම ස්ථානයේ තිබුණු බවද වාර්තා වේ. රාජ්‍ය ලාංඡනය සහිතව රෝහලට ඇතුළුවීමේදී එම රථය රාජකාරී අවශ්‍යතාවයක් සඳහා…