Category Local News

ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නව සභාපති කිත්සිරි ධර්මප්‍රිය

කිත්සිරි ධර්මප්‍රිය මහතා, ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇත. ඒ මහතා රම්බඩගල්ලේ පිහිටි NAQDAහි විසිතුරු මත්ස්‍ය අභිජනන සහ පුහුණු මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයා ද වන අතර, 2004/2005 වසරවලදී ද ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා…

සුළි කුණාටුවෙන් විපතට පත් මියන්මාර් ජනතාවගේ ප්‍රයෝජනයට ලංකා තේ තොගයක් පරිත්‍යාග කෙරේ

සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් මියන්මාර් ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලංකා තේ තොගයක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ. මියන්මාරයේ යාගී සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහයෝගය දැක්වීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාව තේ තොගයක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙන අතර…

මෙරට ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීමට කියුබානු රජයේ අවධානය

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත කියුබානු රජයේ සුභපැතුම් එක්කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව…

රනිල්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (17) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. රටේ වත්මන් දේශපාලන හැසිරීම, ඉදිරි සැලසුම් ආදී කාරණා සම්බන්ධයෙන් මෙහිදී හිටපු ජනපතිවරයා යම් ප්‍රකාශයක් නිකුත් කෙරෙනු ඇති බව සඳහන්. ජනාධිපතිවරණයෙන් පරාජය වූවාට පසු හිටපු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ යම් ප්‍රකාශයක්…

ඡන්ද අපේක්ෂකයින්ගේ මනාප අංක අද සහ හෙට

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කිරීමට නාමයෝජනා භාරදී සිටින අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) සහ හෙට (17) යන දිනයන්වලදී නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබෙනවා.

වැසි තත්ත්වයෙන් වැසුණු පාසල් නැවත විවෘත වෙයි

මහවැසි හේතුවෙන් තාවකාලිකව වැසුණු පාසල් අද (16) පරිදි යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. දිවයිනට බලපා ඇති කාලගුණික තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ. මේ අතර අවතැන් කඳවුරු ලෙස යොදාගත්…

වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි…

මාධ්‍ය කියන විදිහට අසාමාන්‍ය ණය ගැනීමක් කර නැහැ-මහාචාර්ය අනිල් ජයන්ත

ඒ ඒ අමාත්‍යාංශවල වියදම් පියවා ගැනීම සහ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ආපසු ගෙවීම සඳහා දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් අරමුදල් රැස් කර ගන්නවා විනා අමුතු දෙයක් මේ දිනවල සිදු නොකරන බව ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය…

යාපනය සමුපේ තිරුණවේලි කිරි අලෙවිසලට සීල් තබන්නැයි නියෝග

යාපනය සමුපකාර සමිතියට අයත් තිරුණවේලි කිරි අලෙවි කිරීමේ මධ්‍යස්ථානයට වහාම සීල් තබා වසා දමන ලෙසත්, එහි කළමනාකාරවරයාට රුපියල් 75,000ක දඩ මුදලක් ගෙවන ලෙසත් යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා පෙරේදා (14) නියෝග කර තිබේ. මීට මාස දෙකකට ඉහතදී යාපනය තිරුණවේලි…

හිටපු නියෝජ්‍ය ඇමැති හීන්මහත්තයා ලියනගේ ගේ අවසන් කටයුතු අද

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වු හීන්මහත්තයා ලියන්ගේ මහතා පෙරේදා (14) අභාවප්‍රාප්ත වු අතර, අවසන් කටයුතු අද (16) පැල්මඩුල්ල ආදාහනාගාරයේදී සිදු කෙරේ. අභාවප්‍රාප්ත වන විට ලියනගේ මහතා 83 හැවිරිදි වියේ පසු වන තිදරු පියෙකි. හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මෙවර සමගි…