Category Local News

වෙළෙඳ, වාණිජ අමාත්‍යාංශ ලේකම් එම්.එම්. නයිමුදීන් රාජකාරී අරඹයි

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යාංශයේදී සිය රාජකාරි ආරම්භ කළ අයුරු. අතිරේක ලේකම්වරුන් වන සුසන්ත ජයතිලක, අනෝජා හේරත් මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මුදල්,ආර්ථික සංවර්ධන සහ සංචාරක අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන වැඩ භාරගනී

මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා වැඩ භාර ගත් අවස්ථාව. මුදල්,ආර්ථික සංවර්ධන,ප්‍රතිපත්ති සම්පාදන,සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (25) සිය ධුරයේ වැඩ භාර ගත්තේය. කොළඹ කොටුව පිහිටි මුදල් අමාත්‍යාංශයේ දී සිය…

මින් ඉදිරියට දේශපාලන අධිකාරියට අවශ්‍ය විදියට පොලිසියේ උසස්වීම් නෑ-මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් වැඩ අරඹමින් කියයි

මින් ඉදිරියට දේශපාලන අධිකාරියේ අවශ්‍යතාවන් මත පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් හා ස්ථාන මාරු සිදු නොවන බව ඇමැති විජිත හේරත් මහතා පවසයි. විදෙස් ගමන් බලපත්‍ර ප්‍රශ්නය ඉක්මනින් විසඳීමට වහා පියවර ගන්නා බව ද ඇමැතිවරයා කියා සිටියේය. මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස එච්.එම්. විජිත…

මෙවර නරක් වූ ඡන්ද ඉහළ යෑම ගැන විශ්ලේෂණයක්

ජනාධිපතිවරණයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඉහළ යෑම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද 300,300ක් ප්‍රතික්ෂේප වූ බව කී කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා එය ප්‍රතිශතයක් ලෙස 2.2%ක් බව ද කීවේය. 2019 ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වූයේ…

ජනපති ලේකම් කාර්යාල වාහන භාර නොදී තැන තැන ගාල් කිරීම ගැන පරීක්ෂණයක්-වාහන 29ක් අතුරුදන් හිටපු ජනපතිවරු මේවා ගිලලා ද?

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන නිසි ලෙස භාර නොදී තැන තැන ගාල්කර යෑම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් විසින් පරිහරණය කරන ලද…

වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමකට ඔසවා තැබීම අත්‍යවශ්‍යයි- ජනපති අනුර කුමාර දිසානායක ජාතිය අමතමින් කියයි

කඩිනම් වැඩපිළිවෙළක් යටතේ කෙටිකාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම අරමුණයි IMF වැඩසටහන ඉදිරියට ගෙනයනවා දේශපාලනය කරන වෙලාවට දේශපාලනයත්- රට ගොඩගැනීමේදී සාමූහික එක්වීමත් වැදගත් සියලු ජාතීන්ට එක්ව ජීවත් විය හැකි රටක් නිර්මාණය වනතුර මේ රට අසමත් -ජනපති අනුර කුමාර දිසානායක ජාතිය අමතමින්…

කෑගල්ල හිටපු නගරාධිපති එච්.ආර්.එස්.යූ. නිස්සංක අභාවප්‍රාප්ත වෙයි

කෑගල්ල හිටපු නගරාධිපති එච්.ආර්.එස්.යූ. නිස්සංක මහතා පෙරේදා (24) අභාවප්‍රාප්ත විය. මිය යන විට 80 වියේ පසු වූ නිස්සංක මහතා දෙදරු පියෙකි. 1989 වර්ෂයේදී නාගරික මන්ත්‍රීවරයකු ලෙස කෑගල්ල නගර සභාවට තේරී පත් වී ඇති නිස්සංක මහතා 2018 දක්වා නොකඩවා වසර 29ක්…

දිගු හා මධ්‍ය කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට කටයුතු කරනවා – ජනපති

රට ගොඩ නැගීමේ සාමූහික කර්තව්‍ය ඉටු කර ගැනීම සඳහා වන කණ්ඩායමක් තමන් සමඟ සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. සෑම ක්ෂේත්‍රයකටම ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් සඳහා ඔසවා තැබීම අවශ්‍ය බව රජය දැඩිව විශ්වාස කරන බවයි…

කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබේ. ඒ අනුව, සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 325.59කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,659.71ක් ලෙසය. එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 148.54 කින් ඉහළ ගොස්…