පාසල් බස් රථයක් අනතුරට ලක්වී සිසුන් 15 ක් තුවාල ලබයි

කුලියාපිටිය – කරන්තිප්පල ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ ලංගම බස් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් සිසුන් 15 දෙනෙකු පමණ තුවාල ලබා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

කජුගමදී බස් රථ අනතුරක්

අද (06) අලුයම බස් රථයක් සහ බහාලුම් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව කජුගම ප්‍රදේශයේදී අද අලුයම 5.00 ට පමණ එම අනතුර සිදුවී ඇති අතර අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය සහ කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ බහාලුම් රථයක් එලෙස මුහුණට මුහුණ ගැටී ඇති බවයි සඳහන්…

Read More

ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දැමේ

කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිරවී තිබෙනවා. මේ හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Read More

කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩා වැටේ

අද (06) කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී අනතුරක් සිදුව තිබෙනවා. ඒ අනුව මේ වන විට අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කරමින් සිටින බවයි සඳහන් වන්නේ. අනතුර හේතුවෙන් මේ වනවිට එම මාර්ගය අවහිර වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. news images news images news images

Read More

අකුරැස්සේ විශාල කන්දක් නාය යයි

අකුරැස්ස ප්‍රදේශයේ දියලපේ ප්‍රදේශයේ විශාල පස් කන්දක් නායයෑමෙන් අනතුරක් සිදුව තිබෙනවා. නායයෑමේ ලක්ෂණ පහළවීමත් සමග අකුරැස්ස පොලිස් ස්ථානයේ උපදෙස් මත ප්‍රාදේශීය ලේකම්වරියගේ මැදිහත් වීමෙන් අනතුරුදායක පවුල් 21 එම ස්ථානවලින් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා. එම ආපදාවට ලක්වූ පවුල්වල 70කට ආසන්න පිරිසක් මේ වනවිට දියලපේ විහාරස්ථානයේ සහ දියලපේ පාසලේ රඳවා ඇති බවයි සඳහන් වන්නේ. මෙම නාය යාම…

Read More

තරුෂි කරුණාරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය ත්‍යාගයක්

තරුෂි කරුණාරත්නට මූල්‍ය ත්‍යාගයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව තරුෂි කරුණාරත්නට මිලියන 10ක මූල්‍ය ත්‍යාගයක් ලබාදීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත්තේ. වසර 21කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගැනීමට ඊයේ (04) තරුෂි කරුණාරත්න සමත් වුණා.

Read More

පොලිය අඩුවිය යුතු හැටි ගැන බැංකුවලට උපදෙස් දුන්නා – මහ බැංකු අධිපති

ජනතාව ලබාගෙන ඇති ණය සඳහා බැංකු විසින් පනවා ඇති පොලී අනුපාත ඉතා ඉක්මනින් අඩුවිය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ‍පොලිය අඩුවිය යුතු ආකාරය සම්බන්ධයෙන්ද බැංකු දැනුවත් කර ඇති බවත් මේ වන විට බැංකු පද්ධතිය ස්ථාවර බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාව, ජපානය, පැරිස් ක්ලබ් ප්‍රමුඛ සංවිධාන…

Read More

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මි.මී. 50ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොලොන්නරුව, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්…

Read More

පාරිසරික ගැටළුවලට විසඳුම් සෙවීමේ දී භූ දේශපාලනය සහ මහා බල එදිරිවාදිකම් දෙවන තැනට පත්වෙනවා

වසර සියයකට පෙර පැවති ලෝකයට වඩා දස දහස් ගුණයක වේගයෙන් ජෛව විවිධත්වය අහිමි වෙමින් පවතිනවා. මෙම අර්බුදය හමුවේ මනුෂ්‍ය වර්ගයා ඇතුළු සියලු ජීවින් සිය පැවැත්ම පිළිබඳ දරුණු තර්ජනයකට මුහුණ දෙමින් සිටිනවා. ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරියේ 05 වන සැසිවාරය අමතමින් ජනපති අවධාරණය කරයි. දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමිවීම යන පාරිසරික ගැටළුවලට විසඳුම්…

Read More

CEYPETCO ආයතනයට නව සභාපතිවරයෙක් පත් කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහා නව සභාපතිවරයෙක් පත්කර තිබෙනවා. ඒ අනුව සාලිය වික්‍රමසූරිය අද (05) සිට පත් කර ඇති බවයි X පණිවිඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

Read More