Category Local News

ABBA Show එකට අපි ගියා – අපි රසවින්දනයක් තියෙන මිනිස්සු

ගල්කිස්ස මහා හෝටලයේ පැවති ABBA උපහාර සංදර්ශනයට සහභාගී වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විවේචනවලට පිළිතුරු දෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ තමන් ඇතුළු පිරිස ඊට සහභාගී වී රසවින්දනය සඳහා තාලයක් ඇති මිනිසුන් ලෙස…

සජබ පටලැවිල්ලක – ජාතික ලැයිස්තුව කොට උඩ

ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා ලබන සතිය වන විට පුද්ගලයින් පත්කරනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පවසයි. පක්ෂ මහ ලේකම්වරයා විදෙස්ගත සිට මේ වනවිට දිවයිනට පැමිණ ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා…

ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ගෙන්වීම රනිල්, දිනේෂ්, ටිරාන්, සුසිල්, අමරවීරගෙන්-ප්‍රකාශ ගන්නැයි CIDයට නියෝග

ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදුන් බව කියන එවකට හිටපු කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණය කර තිබූ නියෝගයට අනුව මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා නොදුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ්…

කුඹුරු අක්කර338,446ක් විනාශයි-වී ගොවීන් 137,880කට පීඩා

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වී වගා කළ කුඹුරු අක්කර 338,446ක් විනාශ වී ගොවීන් 137,880ක් පීඩාවට පත්ව ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පැවැසීය. මෙයින් වැඩිම හානි උතුර සහ උතුරු මැද පළාත්වලින් වාර්තා වන අතර යාපනය, අම්පාර,…

ජපාන රජයෙන් අ.ඩො. මිලියන 8.4ක භාණ්ඩ සහ උපකරණ පරිත්‍යාගයක්

ජපාන රජය විසින් පරිත්‍යාග කළ අමෙරිකානු ඩොලර් මිලියන 8.4ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සඳහා වූ ආයතනයේ මැදිහත් වීම මත ඊයේ (29) දහවල් කටුනායක ගුවන් තොටුපොළ ගෝල්ඩ් රූට් පර්යන්තයේ පැවති උත්සවයකදී ගුවන් තොටුපොළ නිලධාරීන් වෙත භාර දීම සිදු විණි.…

ජනතා හිතවාදි සෞඛ්‍ය සේවාවක් මෙරට බිහි කිරීම ජපානයේ ඇගයුමට

නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර ජනතා හිතවාදි සෞඛ්‍ය සේවාවක් රට තුළ බිහි කිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තිය පිළිබඳව ජපාන රජයේ ප්‍රශංසාව පළ කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජපාන තානාපති…

සුජීවා සේනානායක ලක්සලේ සභාපති ධුරයට

ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර කිහිපය අතරින් එකක් වන ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය හෙවත් ලක්සල සඳහා නව සභාපතිනියක් පත්කර තිබේ. නව සභාපතිනිය පසුගියදා (28) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තාය. කර්මාන්ත හා…

ආරක්ෂක ලේකම් යාපනයට යයි

යාපනය අර්ධද්වීපයේ පවතින ආපදා තත්ත්වය සහ සහන මෙහෙයුම් සොයා බැලීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ ආපදාවට ලක්වී ඇති ජනතාව වෙනුවෙන්…

ශ්‍රී ලංකාව බාහිර බලපෑම්වලට යටත් නොවී ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගත යුතුයි-ශ්‍රී ලංකාවේ චීන තානාපති කියයි

මේ වන විට ලෝක ආර්ථිකයේ ප්‍රධාන තැනක් ගෙන තිබෙන චීනය, ලෝකය පුරා රටවල් රැසක ප්‍රධාන ආර්ථික, හවුල්කරුවකු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය. තානාපතිවරයා මේ බව පැවසුවේ Consolidate and Strengthen the Global Suth and…

ජල ගැලීම්වලින් විපතට පත් වූවන් බලන්න මැති-ඇමැතිවරු උතුරු-නැඟෙනහිරට යති

පවතින වැසි තත්ත්වය සහ ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුවේ මැති – ඇමැතිවරු පිරිසක් උතුරු හා නැඟෙනහිර පළාත්වල නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ. මේ වනවිට රටපුරා ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින…