Category Local News

සීනි බදු වංචාවට හිටපු ඇමති බන්දුල CID කැඳවයි

සීනි බදු වංචාව පිළිබඳ ප්‍රශ්න කිරීමට  හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (16) අපරාධ පරීක්ෂණ  දෙපාර්තුමේන්තුවට කැඳවා තිබෙන බව ‌පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ විට ඒ මහතාගෙන් අදාළ වංචාව පිළිබඳ ප්‍රශ්න කරමින් පවතින බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනපති අනුර පිළිගැනීමේ උත්සවය ඇරඹෙයි

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්විණ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අශ්වාරෝහකයන් පෙරටු කොට ගනිමින් රාෂ්ට්‍රපති භවන් වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ඉන්දීය…

2025 පාසල් වාර කාලසටහන නිකුත් කෙරේ

2025 වර්ෂයේ පාසල් වාර කාලසටහන අධ්‍යපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර ජනවාරි 27 වැනිදා සිට මාර්තු මස 14 වැනිදා දක්වා පැවැත්වේ. පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල්…

ඉදිරි පැය 24 කාලගුණය අවදානම් – තද වැසි

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි . ඉන් පසුව…

ජනපති අනුර ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමු වූ අවස්ථාව.

කුමන තරාතිරමක කෙනෙක් වුණත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්න මැළිවන්නේ නෑ-ජනාධිපති අනුර කුමාර දිසානායක

කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත්, ජනතාව තමන් සහ තම කණ්ඩායම කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට ඉඩ තබන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ,…

UNHCR මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (UNHCR) සරණාගතයන් පිළිබඳ සහකාර මහ කොමසාරිස්, එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් රුවෙන්ද්‍රිනී මැණික්දිවෙල මහත්මිය සහ අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අතර හමුවක් අගමැති කාර්යාලයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සරණාගතයන් සම්බන්ධ අභියෝගවලට මුහුණදීම සඳහා එක්සත්…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට අවශ්‍ය මිත්‍රශීලී සහාය අපෙන්-මැලේසියා, මාලදිවයින රාජ්‍ය තන්ත්‍රිකයෝ එකඟතාවක

වැවිලි කර්මාන්තය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට අවශ්‍ය මිත්‍රශීලී සහයෝගය ලබාදීමට මැලේසියානු මහ කොමසාරිස්, මාලදිවයිනේ මැලේසියානු තනාපති බඩ්ලි හිෂාම් අදම් (Badli Hisham Adam) මහතා එකඟතාව පළ කළේය. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා සහ මහ…

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ශ්‍රී ලංකාවේ සේවා පුළුල් කිරීමට අවධානය

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මඟින් ශ්‍රී ලංකාවේ සිදු කරන සේවා පුළුල් කිරීමට අවධානය යොමු කර තිබේ. මේ බැව් අනාවරණය වූයේ පසුගියදා (13) කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බිල් සහ මෙලින්ඩා ගේට්ස්…

නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ඇමැති බිමල් කියයි-සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති හමුවේ නවසීලන්ත මහකොමසාරිස් කියයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් නඟා සිටුවීමට නවසීලන්ත රජයේ පූර්ණ සහයෝගය මෙරටට ලබාදෙන බව නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා පැවැසීය. ඒ අනුව ආහාර සුරක්ෂිතතාව, වෛද්‍ය විද්‍යා පර්යේෂණ සහ ආයුර්වේද සම්ප්‍රදායන් අතර දැනුම හුවමාරුව, ක්‍රීඩා, සංචාරක ප්‍රවර්ධන…