Category Local News

නාමල්ගේ නීති උපාධිය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න-සමාජ ක්‍රියාකාරිකයකුගෙන් පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විභාගයට පෙනී සිටි ආකාරය පිළිබඳ මීට වසර 11කට පෙර කෙසෙල්වත්ත පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමාජ ක්‍රියාකාරිකයකු වන ජාමුනි කමන්ත තුෂාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (16) නැවත පැමිණිල්ලක්…

හිටපු අැමැති බන්දුලගෙන් CIDය පැය 4ක් ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී සිදුවූ රුපියල් බිලියන 15.9ක සීනි බදු වංචාව ගැන කෙරෙන විමර්ශනයන්ට අදාළව එවකට වෙ‍ෙළඳ අමාත්‍යවරයාව සිටි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) පැය 4ක් පුරාවට දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ. රුපියල්…

ජනපති අනුරගේ වැඩපිළිවෙළට ඉන්දියාවේ පූර්ණ සහාය

ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර…

විද්‍යා හා තාක්ෂණ ඇමැති ආයතන කිහිපයක සංචාරයක

විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රගතිය සහ සැලසුම් සමාලෝචනය සඳහා තම අමාත්‍යාංශය යටතේ ඇති කාර්මික තාක්ෂණ ආයතනය (ITI), ජාතික පර්යේෂණ සභාව (NRC) සහ ග්‍රහලෝකාගාරයේ නිල සංචාරයක පසුගියදා (13) නිරත විය. අමාත්‍යාංශ ලේකම් වයි.එල්. මොහොමඩ් නවාවි මහතා සහ…

දක්ෂතාව නිපුණතාව ඇති මානවීය තාරුණ්‍යයක් නිර්මාණය කර ගත යුතුයි-ඇමැති සුනිල් කුමාර ගමගේ

දක්ෂතාව සහ නිපුණතාව සහිත මානවීය ගුණාංගවලින් හෙබි තාරුණ්‍යයක් නිර්මාණය කරගත යුතු බව තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කළේය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (15) ජාතික තරුණ සේවා සභාවෙන් පවත්වන ලද සහතිකපත්‍ර ප්‍රදානයට එක් වෙමිනි. ජාතික…

වතු කම්කරු ජනතාව ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා-නියෝජ්‍ය ඇමැති සුන්දරලිංගම් ප්‍රදීප්

වතු කම්කරු ජනතාව ඉන්දියාවේ සිට මෙරටට පැමිණ වසර 201ක් ගත වූවත්, එම පිරිස මේ වන විටත් ප්‍රශ්න රාශියක් මත ජීවත්වන පිරිසක් බවට පත්ව ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැති සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසීය. නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව…

නාච්චාදූව ජලාශයේ වාන් දොරටු 6ම දෙවැනි වතාවටත් විවෘත කෙරේ

දින කිහිපයක් පුරා ඇදහැලෙන වර්ෂාවත් සමඟ නාච්චාදූව ජලාශයේ වාන්දොරටු දෙකක් අඩිය බැඟින් ද, වාන්දොරටු දෙකක් අඩි දෙක බැඟින් ද, වාන්දොරටු දෙකක් අඩි තුන බැඟින් ද විවෘත කර ඇති අතර එමඟින් මල්වතු ඔය ජලාශය වෙත තත්පරයට ඝනඅඩි 1436ක ජල ධාරිතාවක් නිකුත්…

මේ රටේ කිසිදු සහල් හිඟයක් නෑ වී තොග සඟවාගෙන සිටින අය ව්‍යාජ හිඟයක් මවාපාමින් ඉන්නවා-තිස්සමහාරාම සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එච්. ගාමිණී

“මේ රටේ කිසිදු සහල් හිඟයක් නෑ. මහ මෝල්කාරයෝ හා වී තොග සඟවාගෙන සිටින අය ව්‍යාජව සහල් හිඟයක් මවාපාමින් ඉන්නවා. ජනතාව සහල් නැති වේවි කියලා බයට හාල් දැක්ක තැන මිලදී ගන්න පුරුදු වෙලා. වෙනදා සතියට හාල් කිලෝ පහ ගෙනිච්ච කෙනාත් දැන්…

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ

බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඇල්ල, හාලිඇල සහ පස්සර, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර සහ පාතදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, අඹන්ගඟ කෝරලය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ. අදියර 1 යටතේ අද…

ඇල්ල නායයෑමේ අවදානමක්

ඇල්ල නමුණුකුල පිංගරාව වතුයායට අයත්  කර්මාන්ත කොටසේ  ඊයේ (15) ඇතිවු නායයෑම් අවදානමක් නිසා එම ස්ථානයට ඉහලින් පිහිටි වතු පේලියේ පිරිසක් ඉවත් කර තිබෙයි. මෙලෙස ඉවත් කර ඇත්තේ  නිවාස හයකට අයත් සාමාජිකයන් 21 දෙනෙකි මෙම පිරිස  තාවකාලිකව පිංගරාව දෙමල විද්‍යාලයේ කඳවුරු…