Category Local News

කබ්රාල්ට එරෙහි අල්ලස් නඩුව පෙබ: 21ට කල් යයි

ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 184ක මුදලක් අහිමි කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව පවත්වාගෙන යෑමට ඉඩ දෙනවාද? නැද්ද? යන්න පෙබරවාරි 21දා ප්‍රකාශ කරන බව…

ඉල්ලුමට සරිලන පොල් සැපයුමක් නැතිවීම ඩොලර් ආදායමට ගැටලුවක්-ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ

ශ්‍රී ලංකාවේ වාර්ෂික දේශීය පොල් පරිභෝජනය බිලියන 1.6ත් 1.8ත් අතර අගයක් ගන්නා බව ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කරයි. මෙරට වාර්ෂික සමස්ත පොල් පලදාව බිලියන තුනකට ආසන්න අගයක් ගන්නා බව පෙන්වා දෙන ඒ මහතා දේශීය ආහාර පරිභෝජනයට…

සිසුන්ගෙන් අනීතිකව මුදල් එකතු කිරීම ගැන විමර්ශනයක් ඕනෑ

සංදර්ශනයක් පවත්වන බව කියමින් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන්ගෙන් අනීතික ලෙස මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදුකළ යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි. පාසල් මඟින් මවුපියන් අපහසුතාවට පත් කරමින් විවිධ උත්සව…

වෛද්‍යවරයා සම්බන්ධයෙන් සවිස්තර වාර්තා කැඳවයි

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ රෝගී තත්ත්වයක් පිළිබඳ විස්තර අධිකරණයට ඉදිරිපත් කිරීමට වෛද්‍ය සහතිකයක් දෙන ලද වෛද්‍යවරයකු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සපයන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරයාට ඊයේ (22) නියෝග කළේය. වෙළෙඳ…

රාජකාරි වෙලාවේ සූර්වී නිදා සිටි පොලිස් නිලධාරීන්ට දැඩි විනය ක්‍රියාමාර්ග

සමාජ මාධ්‍යවල සංසරණය වන පොලිස් නිලධාරීන් පිරිසක් නිල ඇඳුමින් බීමතින් නිදා සිටින වීඩියෝව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා එම නිලධාරින් සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් ආරම්කර තිබේ. පාණදුර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිලධාරීන්…

සැකකාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරී නාමල් කුමාර 27දා තෙක් රිමාන්ඩ්

එල්.ටී.ටී.ඊ සංවිධානයේ පෝස්ට් (facebook) මුහුණුපොත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ජාතීන් අතර සංහිඳියාව බිඳී යන කරුණු සමාජගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් සැකකාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන Òනාමල් කුමාරÓ යන අය ලබන…

රෝහින්ග්‍යා සරණාගතයන් වෙනුවෙන් ගන්නා ඕනෑම මානුෂීය තීන්දුවකට සහාය දෙනවා

රෝහින්ග්‍යා සරණාගත ප්‍රජාව වෙනුවෙන් ගන්නා ඕනෑම මානුෂීය තීන්දුවකට සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ රෝහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැති විවාදයට සහභාගි වෙමිනි.…

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වාහන ලබා දී නැහැ

දසවැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබාදීමක් සිදු කර නොමැති බවත්, දෘෂ්‍යාබාධිත මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාට පමණක් මෝටර් රථයක් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ලබාදී තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් චාමර සම්පත්…

‘බැට් මෑන්’ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් ලක්ෂ 30ක ලැප්ටොප් උස්සලා

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 26 වැනි මහලට මධ්‍යම රාත්‍රියේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනා ලැප්ටොප් පරිගණක හා වටිනා ජංගම දුරකතන සොරාගෙනÓ බැට් මෑන්Óයනුවෙන් බිත්තිවල ලියු කාර්යාලයක හිටපු අධ්‍යක්ෂවරයකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත්…