Category Local News

IMF සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙයි

විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව සඳහා තවත් වාරිකයක් අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර තිබෙයි.ඒ ඔවුන් ඊයේ (28) රැස්වූ අවස්ථාවේදීයි.ඇමරිකානු ඩොලර් මිලියන 344ක ණය වාරිකයක් එලෙස අනුමත කර තිබෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින්…

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්…

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිඛිත අනුමැතියක් නැතිව ‘මූල්‍ය’ වචනය භාවිතය එපා

ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව “මූල්‍ය” යන වචනය භාවිතා කිරීම නොකළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක්…

මහින්ද-මෛත්‍රී-ගෝඨා-රනිල් රට සවාරිවලට මිලියන 4615ක් වැය කරලා-අගමැති හරිනි මැතිසබයේදී හෙළි කරයි

ජනපති අනුරගේ මාස 5ට ‍වියදම ලක්ෂ 18යි පසුගිය වසර 15ක කාලයක් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරු විසින් විදේශ සංචාර සඳහා රුපියල් මිලියන 4615ක් වැයකර ඇතැයි පාර්ලිමේන්තුවේදී ඊයේ (27) අනාවරණය කෙරිණි. හිටපු ජනාධිපති…

ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ- මහජන ආරක්ෂක ප්‍රශ්නයක් තිබෙනවා – හිටපු ඇමැති පාඨලී කියයි

ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් රටේ දැනට පෙනෙන්නට නොමැති බවත් දැනට සිදුවන ක්‍රියාකාරකම් දෙස බැලීමේදී මහජන ආරක්ෂක ප්‍රශ්නයක් තිබෙන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයන් සහ එක්සත් ජනරජ පෙරමුණේ…

2025 පක්ෂ පිළිගන්න නාම යෝජනා කැඳවයි

2025 වසරේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරි පක්ෂවලින් අද (28) සිට මාර්තු 28 දා දක්වා නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. 2009 අංක 58 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනතප්‍රකාරව පිළියෙල කළ අයදුම්පතක් ලියාපදිංචි තැපෑලෙන් හෝ අදාළ පක්ෂයේ…

පිරිසුදු රාජ්‍ය සේවයකට රටේ ජනතාව දේශපාලන ක්‍රමය වෙනස් කළා-‘දූෂණයට එරෙහිව පුරවැසියන් සවිබල ගැන්වීම’ දේශනයේදී ජනාධිපති ලේකම් කියයි

දේශපාලන ක්‍රමය වගේම රාජ්‍ය සේවය ද මේ රටේ වෙනස් විය යුතු බව ජනතාව තීරණය කළා. දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට විකල්ප බලවේගයක් පත් කර ගැනීමට ජනතාව කටයුතු කළේ ඒ අනුව බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය. සුපිළිපන් දේශයක්…

වාහන 3000කට වැඩි සංඛ්‍යාවක් රටින් ගේන්න සැලසුම්-වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති

ජපානයෙන් ගේන පළමු වාහන රැගත් නැව අද හම්බන්තොට වරායට වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමඟ වාහන 3000කට වැඩි සංඛ්‍යාවක් ආනයනයට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා දිනමිණට පැවැසීය.ඒ මහතා මේ බව කියා සිටියේ…

මෙවර අය-වැයේ ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් නැහැ-හිටපු ඇමැති ඩිව් ගුණසේකර

දේශීය හෝ ජාත්‍යන්තර ආර්ථිකය පිළිබඳ විග්‍රහයකින් තොරව ඉදිරිපත් කළ මෙවර අය-වැය තුළ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමේ කිසිදු විසඳුමක් ඇතුළත්ව නැතැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති, හිටපු ඇමැති ඩිව් ගුණසේකර මහතා පැවැසීය. හිටපු ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (27) බොරැල්ලේ පිහිටි ශ්‍රී…

කල්පිටිය සංචාරක කලාපයට සූර්යශක්ති වීදි පහන්

කල්පිටිය සංචාරක කලාපයේ දිගුකලක් තිස්සේ පැවති විදුලි අර්බුදයට විසඳුමක් වශයෙන්, විදුලිය නොමැති පළාත්වලට රුපියල් මිලියන එකොළහක් වටිනා සූර්ය ශක්තියෙන් ක්‍රියාකරන වීදි පහන් සවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බැව් කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් මංගල රාමනායක මහතා පවසයි. සංචාරක කලාපයේ ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස…