Category Local News

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තීය සමිති වර්ජනය සැලසුම් කළ පරිදිම

හෙද, පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති වර්ජනයේ කිසිදු වෙනසක් නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා. ඒ අනුව අනිද්දා(06) පෙරවරු 08ට සිය වර්ජනය ආරම්භ කරන බවයි ඔවුන් සඳහන් කළේ.

පක්ෂ රැසක් සමග එකතුවී පොදු සන්ධානයකින් පුංචි ඡන්දයට එන පුටුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ ගණනාවක් එක්වී පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඔවුන් තරග වැදීමට නියමිතව ඇත්තේ පුටුව ලකුණින්. ඒ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර…

දයාසිරි සමාව ගනියි

දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට තමන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තිබෙනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සිදුකළ ප්‍රකාශය තුළින් සිත් රිදවීමක් සිදුවූයේ නම් තමන් කොන්දේසි…

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව ඊයේ (03) සිට 12 වනදා මධ්‍යම රාත්‍රි 12.00න් පසුව අවසන් වීමට නියමිත මැතිවරණ කොමිෂන් සභාව දැනුම්…

සේවා අපනයනකරුවන්ට පනවන බදු සඳහා විශේෂ වාසියක්

සේවා අපනයනකරුවන්ට පනවන බදු සඳහා විශේෂ වාසියක් ලබාදී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (04) පාර්ලිමේන්තුවේදීය. සේවා අපනයනකරුවන් මුදල් ඉපයීමේදී පළමු 150,000 නිදහස්වන අතර, දෙවන 83,000ට සියයට 6ක් ද,…

වැලිගම පොලිසියේ වැඩබලන OIC අධිකරණයට භාර වෙයි

වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වී තිබේ. අද (04) උදෑසන ඔහු මෙලෙස අධිකරණයට භාර වී ඇත. එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ සිදුවීමට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද ලැබී තිබුණි.

නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟ වෙයි

ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවසුවේ නව සූත්‍රය ක්‍රියාත්මක වන අතර බෙදුම්කරුවන්ගේ…

ලංකාවේ අනාගතය ගැන සතුටුදායක ආරංචියක්

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසයි. ඒ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සහභාගී වූ මාධ්‍ය හමුවට…

ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

‍ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත්කර තිබේ. අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය. ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැනට සේවය…

තෙල් සංස්ථා සභාපති සහ ඉන්ධන බෙදුම්කරුවන් අතර සාකච්ඡාවක් අද

ඛනිජ තෙල් බෙදුම්කරුවන් සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ. අද (04) පෙරවරු 9ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබාදුන් සියයට 3ක වට්ටම අඩු කිරීම සමබන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව…