Category Local News

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වාහන ලබා දී නැහැ

දසවැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබාදීමක් සිදු කර නොමැති බවත්, දෘෂ්‍යාබාධිත මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාට පමණක් මෝටර් රථයක් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ලබාදී තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් චාමර සම්පත්…

‘බැට් මෑන්’ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් ලක්ෂ 30ක ලැප්ටොප් උස්සලා

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 26 වැනි මහලට මධ්‍යම රාත්‍රියේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනා ලැප්ටොප් පරිගණක හා වටිනා ජංගම දුරකතන සොරාගෙනÓ බැට් මෑන්Óයනුවෙන් බිත්තිවල ලියු කාර්යාලයක හිටපු අධ්‍යක්ෂවරයකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත්…

සිනමාවේ ගැටලුවලට විසඳුම් ලැබුණේ නැහැ-ඇමැති, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

විචක්ෂණශීලි දේශපාලන නායකත්වයක් බිහි කරගැනීමට නොහැකි වීම නිසා සිනමා ක්ෂේත්‍රයේ ගැටලු විසඳා ගැනීමට නොහැකි වු බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ලාංකේය කතානාද සිනමාවට වසර 78ක් පූර්ණ වීමත්, ජාතික…

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ ප්‍රැට්‍රික් මහත්වරුන් අතර හමුවක් පසුගියදා (21) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මේ වනවිට රට තුළ පවතින සමාජීය සහ දේශපාලනික තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා මෙහිදී…

අමෙරිකා තානාපති-ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ පිළිබඳ, ඒ සඳහා එක්සත් ජනපදයට සහාය විය හැකි ආකාරය මෙන්ම, මේ වන විට රටේ පවතින සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ මෙරට සිටින අමෙරිකා එක්සත් ජනපද තානාපති…

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි

2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අද (23) පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.Doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත…

වසරේ පළමු සති 03ට ඩෙංගු රෝගීන් 3499ක්

මෙම වසරේ පළමු සති 3 තුළදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 3499 දෙනෙකු වාර්තා වී තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි. එම සංඛ්‍යාව 1576 කි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන දිස්ත්‍රික්කය…

විභාග සහ විෂයමාලාවන් 2026 සිට වෙනස් වෙයි

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් අත්හිටවූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. පාර්ලිමේන්තුවේ දී මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ…

පාර්ලිමේන්තුවේ කෑම වේලක මිල වෙනස් වෙයි

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබේ. මෙම නව මිල ගණන් පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු…

ෆිච් රේටිංන්ස් විසින් ලංකාවේ බැංකු 10ක් ඉහළ දමයි

ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය මෑතකදී නැවත ක්‍රමාංකනය කිරීමෙන් පසුවමෙරට බැංකු 10ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා තිබේ. ඒ සමඟම, ෆිච් ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් මෙරට බැංකු පහක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම්…