Category Local News

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම කැඳවීමට දින නියම කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි 26 දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම පෙත්සම අද (14) ද්වි-පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ…

විපක්ෂය එකතු වුණොත් ආණ්ඩුව දිනපු සභාවලත් බලය පිහිටුවන්න පුළුවන්

ආණ්ඩුවට බහුතරයක් නැති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීම සඳහා සියලුම විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් එක්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. සභාවල සභාපති ධුර හෝ උප සභාපති ධුර ගැන නොසිතා ජාතික ජන…

දේශබන්දු තෙන්නකෝන් ලබන 19 වැනිදා විමර්ශන කමිටුවට

දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතළ ලෙස අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විමර්ශන කමිටුව හමුවේ ලබන 19 වැනිදාට පෙනී සිටින ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාට කමිටුව විසින් දැනුම් දී ඇත. දේශබන්දු තෙන්නකෝන් මහතා කමිටුව හමුවට කැඳවන…

කුෂ් කිලෝ 46 ක් සමග බ්‍රිතාන්‍ය තරුණියක් අත්අඩංගුවට

තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. සොයාගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 46 ක් වන අතර මෙහි වීදි වටිනාකම රුපියල් මිලියන 460…

වෙන්නප්පුව මුහුදේ දියනාමින් සිටි සිව්දෙනෙක් දියේ ගිලෙයි

වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලීසිය පවසනවා. එක් අයෙකුගේ මළසිරුර මේ වනවිට හමුවී ඇති අතර අතුරුදහන් වූ අනෙක් තිදෙනා සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මකයි. අතුරුදහන් වූ පිරිස නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්…

අද කාලගුණ නිවේදනය

අද මැයි (13) වැනිදා, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ…

වෙසක් ‍කලාප හේතුවෙන් අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

වෙසක් උත්සවයට සමගාමීව වෙසක් කලාප කිහිපයක් කොළඹ ආශ්‍රිතව සංවිධානය කර ඇති බැවින් අද සිට කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා. බෞද්ධාලෝක වෙසක් කලාපය, බුද්ධ රශ්මි වෙසක් කලාපය සහ සිරස වෙසක් කලාපය මෙලෙස අද සිට ඇරඹීමට…

වෙසක් පුන් පොහොය දිනය අදයි

සිදුහත් කුමරාගේ උත්පත්තිය, බුද්ධත්වය සහ   බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදට යෙදී තිබෙනවා. බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන…

ශ්‍රීපාද වන්දනා සමය හෙටින් අවසන් ‍වෙයි

ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පුන් පෝය දින යෙදෙන හෙට (12) දිනයෙන් අවසන්වීමට නියමිතයි. ඒ අනුව වෙසක් පුන් පෝය දිනට පසුදින ශ්‍රීපාද උඩ මළුවේදී සධාතුක කරඬුවට හා ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමයට බෞද්ධ වත් පිළිවෙත් අනුව වන්දනාවාරය නිමා කිරීමට…

අත්අඩංගුවට ගත් සේමිණී ඉද්දමල්ගොඩ ඇප මත මුදා හැරේ

වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත්  රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබෙනවා. පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේ පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් ඊට අදාළව ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු…