Category Local News

සක්විති රණසිංහට සහ ඔහුගේ බිරිඳට අත්හිටවූ සිර දඬුවම් නියම කෙරේ

චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අයට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් සහ දඩ මුදල් නියම කර තිබෙනවා. නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස්, රුපියල් දහසය කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු…

මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් සමඟ පුද්ගලයින් ‍දෙදෙනෙක් අත්අඩංගුවට

වීරකැටිය ප්‍රදේශයේ නිවසක තිබියදී කිලෝ 100 ක මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මත්ද්‍රව්‍ය තොගය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුර‍ටත් සඳහන් වෙන්නේ.

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදෙයි

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. රජයේ…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (22) දිනයේත් පෙ.ව 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර, පෙ.ව. 10.00 – 11.00  කාලය වාචික පිළිතුරු…

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ වර්ජනය අත්හිටුවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් අද (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ස්‍යෙඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්වරිය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි…

O/L සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට සහ දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්

2024 (2025) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයය ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය පැවැත්වෙන…

අද කාලගුණ නිවේදනය

අද (22) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු-මැද පළාතේද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව පළාතේ…

නීති විරෝධීව ධීවර කටයුතු කළ 36ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 36 දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. එම ධීවරයින් භාවිතා කළ නීති විරෝධී දැල් 117ක්, ඩිංගි යාත්‍රා 09ක්, මුහුදු කූඩැල්ලන් 3808ක්, අධි තාක්‍ෂණික ධීවර උපකරණ, නිති විරෝධී පුපුරණ ද්‍රව්‍ය සහ අධිබල විදුලි ආලෝක…

දිවයින පුරා රෝහල් රැසක දැඩි ඖෂධ හිඟයක් පවතිනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

දිවයින පුරා රෝහල් රැසක මේ වනවිට දැඩි ඖෂධ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ප්‍රතිජීවක, වේදනා නාශක ඖෂධ හා ඉන්සියුලින්වල දැඩි හිඟයක් පවතින බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ. ගිය අප්‍රේල් මාසය…

ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී වාහන තුනක් එකිනෙක ගැටී අනතුරක්

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දුම්රියක් ගමන් කිරීම හේතුවෙන් ඉනිගොඩවෙල දුම්රිය හරස්…