Category Local News

කුඩු ජාවාරමුන්ට රට පනින්න පාස්පෝට් හැදුවේ ආගමන විගමනයෙන්ද?

පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් ඇතුළු විවිධ පුද්ගලයන්ට ව්‍යාජ තොරතුරු යොදා විදෙස් ගමන් බලපත්‍ර සකස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙ‍ෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය විසින් කරනු ලබන පරීක්ෂණයකට අදාළව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතය.…

සංස්කෘතික ක්‍රියාකාරකම්වලින් විනයගරුක පුරවැසියෙක් ගොඩනැඟිය හැකියි

සංස්කෘතික ක්‍රියාකාරකම් ජනතාව අතරට ගෙන යෑමෙන් විනයගරුක පුරවැසියෙක් ගොඩනැඟිය හැකි යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (25) පස්වරුවේ පැවැති අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. රටේ මෙන්ම…

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුවගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකරුවන් මහරගමදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ…

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් කාන්තාවක් ඇතුළු තිදෙනා අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා. ඒ මැයි 29 දක්වායි. ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුවගේ වාහනයට පහරදීම සහ…

හිටපු ජනපති මහින්ද සහ ගෝඨාභය නිළි රැජිනට අවසන් ගෞරව දක්වයි

දිවි සැරියට සමුදුන් හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනී ෆොන්සේකාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අද (25) එක්ව තිබෙනවා.  අද ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන ඒම සිදු වුණා.  ඒ…

මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට සහාය පළ කිරීමේ අරමුණින් මතුගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීිවරුන් පිරිසක් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.  ඒ අද කොළඹදී සමගි ජන බලවෙිගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමෙන් අනතුරුවයි.  එසේ එක්වුණු පිරිස…

තරුණයෙකුට පහර දුන් පොලිස් නිලධාරීන් 06කට වැඩ වරදියි

2012 වසරේදී තඹුත්තේගම පොලීසියට එරෙහිව පැවති විරෝධතා පාගමනකට සහභාගී වූ තරුණයෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට අදාළ තරුණයාට රුපියල් ලක්ෂ 12 ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. අදාළ වන්දි මුදල පොලිස් නිලධාරීන්ගේ…

සමෘද්ධි නිවාස අරමුදල බිලියන තුන බහිරවයන් ගිලලාද ?

සමෘද්ධි වැඩසටහන ආරම්භයේදීම අඩු ආදායම් ලාභීන්ට නිවාස ආධාර ලබාදීම සඳහා සමෘද්ධි නිවාස අරමුදල නමින් අරමුදලක් ආරම්භ කරන ඇත. මාසිකව සමෘද්ධි පවුලකින් රුපියල් සියය බැගින් බැරකරමින් ගොඩනගන ලද අරමුදලේ මේ වනවිට රුපියල් බිලියන තුනක මුදල් සංචිතයක් පැවතිය යුතුව ඇතැයි ගණන් බලා…

කොළඹට අද පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද (25) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පවසයි. ඒ…