Category Local News

සුව­සැ­රිය ගිල­න් රථ සේවාව පුළුල් කිරී­මට පිය­වර ගන්නවා

රට පුරා පොලිස් ස්ථාන 400ක් දක්වා ආව­ර­ණය වන පරිදි 1990 සුව­සැ­රිය ගිල­න්රථ සේවාව මේ වසර අව­සන් වන විට පුළුල් කිරී­මට පිය­වර ගන්නා බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (06) පැව­සීය. දැනට රට පුරා පොලිස්…

ආපදා තත්ත්ව­යට මුහු­ණ­දී­මට හදිසි ආපදා නීතිය තවත් මස­කින් දීර්ඝ කර­නවා

පසු­ගිය දින­යන්හි ඇති වූ ස්වාභා­වික ආපදා තත්ත්ව­යට මුහු­ණ­දීම සඳහා හදිසි ආපදා නීතිය තවත් මස­කින් දීර්ඝ කිරී­මට පිය­වර ගන්නා බව අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (06) පැව­සු­වාය. මෙම හදිසි නීතිය දීර්ඝ…

කල් දැමූ දහම් පාසල් විභාග පැවැත්වෙන දිනයන් මෙන්න

කල් දැමූ 6 සිට 10 ශ්‍රේණිය දක්වා දහම් පාසල් ශ්‍රේණි විභාගය ජනවාරි 25වනදා පැවැත්වීමට නියමිතව තිබෙයි. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමුණු අදාළ විභාගය එදින පවත්වන බවයි.

විප­තට පත් ජන­තා­වට සහන සල­සන්න හදිසි නීති­යක් අවශ්‍ය නෑ

විප­තට පත් ජන­තා­වට සහන සල­සන්න හදිසි නීති­යක් අවශ්‍ය නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (06) ප්‍රකාශ කළේය. Òනිශ්චිත තත්ත්ව­යක් සම්බ­න්ධ­යෙන් හදිසි නීතිය දීර්ඝ කරන බවට අග­මැ­ති­නිය ප්‍රකාශ කර­නවා. සුළි කුණා­ටුව තුළ රජය වරද්දා ගත්ත තැනක් තමයි ව්‍යසන…

අනා­ගත පර­පුර විෂ මත්ද්‍රව්‍ය උව­දු­රෙන් මුදා ගැනී­මට සියලු දෙනා වග­කීම් ඉටු කරමු

රටේ අනා­ගත පර­පුර විෂ මත්ද්‍රව්‍ය උව­දු­රෙන් මුදා ගැනී­මට සියලු දෙනා වග­කීම් ඉටු කර­මු­යැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මේ බව සඳ­හන් කළේ විෂ මත්ද්‍රව්‍ය උව­දුර මෙර­ටින් තුරන් කිරීම සඳහා ගොඩ­න­ඟන ලද “රටම එකට” ජාතික…

තඹ­ර­විල කතගේ කසිප්පු බිව් 5ක් මැරිලා

තඹ­ර­විල ප්‍රදේ­ශයේ කාන්තා­වක් විසින් සිය නිවෙසේ අලෙවි කළ නීති විරෝධී මත්පැන් පානය කළ වෙන්න­ප්පුව, වයි­ක්කාල හා තඹ­ර­විල ප්‍රදේ­ශ­වල පුද්ග­ල­යන් 5 දෙනකු මිය­ගොස් තවත් තිදෙ­නකු මීග­මුව රෝහ­ලට ඇතු­ළත් කර තිබේ. ඊයේ (06) උදෑ­සන මේ සිද්ධිය සිදුව තිබෙන අතර මෙසේ මිය ගොස්…

රිමාන්ඩ් කළ ඩග්ලස්-ජොන්ස්ටන් හා ඔහුගේ පුතුන් දෙදෙනා බන්ධ­නා­ගාර රෝහලේ

අධි­ක­ර­ණය මඟින් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියම කළ හිටපු අමා­ත්‍ය­ව­රුන් වන ඩග්ලස් දේවා­නන්දා, ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙන්ම ඔහුගේ පුතුන් දෙදෙනා ද මහර බන්ධ­නා­ගා­රයේ බන්ධ­නා­ගාර රෝහලේ මේ වන විට රඳවා ඇතැයි බන්ධ­නා­ගාර ආරංචි මාර්ග කියයි. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහ­තාට සහ ඔහුගේ පුතුන්…

කැලණි පෙරහැර හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

කැලණිය රජ මහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහැරට සමගාමීව අද (07) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. ඒ අනුව, කැලණිය රජ මහා විහාරස්ථානයෙන් ආරම්භ වන පෙරහැර කැලණි සිරි වටරවුම, පෑලියගොඩ මාර්ගය ඔස්සේ පිලපිටිය කනත්ත අසලින්, ගෝනගම්පල මාර්ගයේ බෝධිරුක්ඛාරාම…

ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු කටයුතු සූදානම් කරයි

ඉදිරියේදී ඇති විය හැකි ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු කටයුතු සූදානම් කර ඇති බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා. දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (07) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙ.ව. 10.00 –…